IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක්

පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත. 

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 500ක මුදලක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට රුපියල් මිලියන 500ක මුදලක් ද වෙන් කර ඇත. 

ඖෂධ හිඟය නිසා පිළිකා රෝගීන්ගෙන් බොහෝ දෙනකු ප‍්‍රතිකාර නොමැතිව පීඩාවට පත්ව ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේදී වාර්තා කර තිබිණි. 

එම පුවත් වාර්තාව වැරැුදි යැයි කැබිනට් මණ්ඩල හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා පවසා ඇත. 

කෙසේ නමුත් ඖෂධ හිඟය දිගටම පැවැතුණු බවත් ඒ හේතුවෙන් ඇති වූ අර්බුදය විසඳී රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම් යනාදිය යථා තත්ත්වයට පත්වීම සති කිහිපයක් ගත වනු ඇති බවත් බලධාරීහු කීහ. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගත වී සිටි අතර ඔහු නැවත පැමිණීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ නිලධාරීන් හමු වී සාකච්ඡුා පැවැත්වූ බවත් ඉන් අනතුරුව භාණ්ඩාගාරයට අදාළ මුදල් නිදහස් කළ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවැසීය. 

මෙලෙස මුදල් ලැබීම නිසා මාසයකට ප‍්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට හැකි බව ද වෛද්‍ය පනාපිටිය මහතා කීවේය. 

කෙසේ නමුත් මීට පෙර කළ මිලදී ගැනීම් වෙනුවෙන් භාණ්ඩාගාරය රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් බිලියන 4ක මුදලක් දිය යුතු බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට සහ තවත් ආයතනකට රුපියල් බිලියනයක මුදලක් ලබා දිය යුතු බවත් හෙතෙම අනාවරණය කළේය. 

භාණ්ඩාගාරයේ ඇතැම් අංශවල හා කටයුතුවල ඇති ප‍්‍රමාදය නිසා එලෙස රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප‍්‍රමාද වී තිබෙන අතර එම නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම ප‍්‍රමාද වී තිබේ.

දින 52 දේශපාලන අර්බුදය නිසාත් ඒ හේතුවෙන් ටෙන්ඩර් මණ්ඩලවලට නිලධාරීන් පත් කිරීමට නොහැකි වීම නිසාත් ඖෂධ මිලදී ගැනීමට හා සැපයුම් කිරීමට නොහැකි වූ බව වෛද්‍ය පනාපිටිය මහතා කීවේය. 

මුදල් නිදහස් කිරීමේදී භාණ්ඩාගාරයේ ප‍්‍රමාද තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට තිබීමත් දින 52 දේශපාලන අර්බුදයත් එලෙස මුදල් නිදහස් කිරීමේ දී ඇති වූ අර්බුදයට හේතු වූ බව හෙතෙම කීවේය. 

හෙට වනවිට රුපියල් බිලියනයක මුදලක් ලැබෙනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඞ් රූමී මහතා කීවේය. ඉදිරියේදී අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් සිදු නොවිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාවරයා උපදෙස් දුන් බව හෙතෙම කීය. 

මේ අතර පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතිචාර දැක්වීය. 

හිඟ වී ඇත්තේ පොදුවේ භාවිත කරන ඖෂධ 75කින් 17ක් පමණක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එයින් ඖෂධ වර්ග හයක තොග පැමිණි බවත් එම ඖෂධ මහරගම ‘‘අපේක්ෂා’’ රෝහලට යැවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කඩිනමින් පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව අනෙකුත් පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට ඖෂධ යැවීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව දැනට හිඟව තිබෙන ඖෂධ ගෙන්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය. 

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

055



අදහස් (0)

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 127 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 210 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site