IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සංශෝධනයෙන් සේවක ආර්ථ සාධකය වැනසෙනවා - දුමින්ද නාගමුව

විනීතා එම් ගමගේ
 
ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට ගෙන එන්නට සුදානම්වන සංශෝධන වලින් එම අරමුදල විනාශ වීම වැළැක්විය නොහැකි යැයි කම්කරු අරගල මධ්ස්ථානය
කියයි.
 

දැනට එහි පාලන බලය හිමි කම්කරු කොමසාරිස්වරයාගෙන් එම බලය ඉවත්කොට සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකට පැවරීමටත් එම මණ්ඩලය කම්කරු අමාත්‍යවරයා විසින්  පත් කිරීමටත් කටයුතු සූදානම් කරමින් පවතින බවත්  කම්කරු අරගල මධ්‍යස්ථානය   මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේය.
 
රොෂේන් චානක වැනි තරුණයින්ගේ ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් මේ අරමුදල විනාශවන්නට නොදී රැක ගැනීම වැඩකරන ජනතාවගේ යුතුකම හා වගකීම වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
 
මාධ්‍ය හමුව ඇමතූ නාගමුව මහතා මෙසේ ද කීය.
 
 ‘‘පෞද්ගලික අංශයේ සේවයින්ට ඇති එකම දායක අරමුදල් රැකවරණය සේවක අර්ථසාධක අරමුදලයි. නමුත් තවම පෞද්ගලික අංශයේ සේවකයින් සියලූ දෙනාට මේ අරමුදලේ දායකත්වය ලැබිල නැහැ. දැනට ලක්ෂ 24 ක් විතර තමයි සාමාජිකත්වය දරන්නේ.  නමුත් ඊට වඩා විශාල පිරිසක් සිටිය යුතුයි.
 
මේ අරමුදල සම්බන්ධයෙන් 2000 විතර පස්සේ විවිධ යෝජනා කරළියට පැමි‚යා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන්  පසු මේ  තත්ත්වය වැඩි වුණා. ප්‍රාග්ධන වෙළඳ පොළ සඳහා මෙම අරමුදලේ මුදල් ආයෝජනය කිරීම ගැනයි නිතර කථා වෙන්නේ.
 
මීට පෙර පාලන කාලයේ ව්‍යාජ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක මුවාවෙන් ආයොජනය කරන්න හැදුවා. 2012 මැයි දිනය අවස්ථාවේ දැඩිව කිව්වා මේ අරමුදල හරහා පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හදන බව. මේ අරමුදලේ ක්‍රියාත්මක බලධරයා වන්නේ කම්කරු කොමසාරිස්වරයායි. එහි මූලික වගකීම ඇත්තේ මූල්‍ය මණ්ඩලයටයි. එය පවරා ඇත්තේ මහ බැංකුවටයි.
 
අරමුදලේ රුපියල් බිලියන 1800 කට වඩා වැඩි මුදලක් තිඛෙනවා. දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 15.1 ක පමණ ප්‍රමාණයක් එහි ඇත්තේ. ඒ වගේම අරමුදල වාර්ෂිකව බිලියන 200 කින් විතර වැඩි වෙනවා. මේ අරමුදලේ සක්‍රීය ගිණුම් ලක්ෂ 24 ක්.  අක්‍රිය ගිණුම් 144 ක් තිඛෙනවා. අරමුදලට මුදල් එවන සේවා යෝජකයින් 73973 ක් ඉන්නවා. 



අදහස් (0)

සංශෝධනයෙන් සේවක ආර්ථ සාධකය වැනසෙනවා - දුමින්ද නාගමුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site