(රවීන්ද්‍ර ප්‍රභාත්)
පාදෙනිය නගරය ආසන්නයේදී අද (10) අළුයම වෙළඳසැලක ගැටුනු කාර් රථයක් ගිනිගැනීමෙන් එම රථය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොළ පොලිසිය කියයි.
අනතුරවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කරමින් සිටි අතර මෝටර් රථයේ රියැදුරා පොලිසිය බාරයට ගෙන ඇත.
තුවාල ලැබූ දෙදෙනා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රථිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.