(රංජන් කස්තුරි)
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.
වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කළ අතර මෙවර විශේෂ හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති ක්‍රියාපිළිවෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීහු පවසති.
විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස් වල පෞද්ගලික ලිපිනයක් යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදු වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.
මේ පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවය.

COMMENTS
මේ ක්‍රියාවේ එකම අරමුණ නම්, මේ පාසල් වලින් පොදු විභාග වලට ඉදිරිපත් වී ඉහල ලකුණු ලබාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ වීම වැලැක්වීමයි. මෙවැනි පටු අදහස් ඇති මිනිසුන් ජිවත් වෙන රටක ඉපදින්නට ලැබීම පෙර පවක් යයි සිතමි.
කවුරු මොනවා කීවත් ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා ළමුන්ගේ දැනුම වැඩියි. මගේ දරුවොත් ඉගෙන ගත්තේ,නොමිලේ රජයේ පාසල් වල තමයි.. එත් විභාගේ සමත් වෙලා විශ්ව විද්‍යාලෙට තේරුනාට, දන්නා දෙයක් නැහැ. පසුව මම, මගේ දේපොළ විකුනලා ඔස්ට්‍රේලියාවට යැව්වා. දැන් එහෙ ලස්සනට ජීවත් වෙනවා. මෙහෙ ඉන්න අයට එකතු වුනා නම් මගේ දරුවත් විනාශ වෙනවා.
මෙය ඉතාම අසාධාරණ දෙයක්. අධ්‍යාපන ඇමති මේක අනුමත කරලද?
නීති පොතේ තිබෙන දෙයක් ක්‍රියාත්මක කිරීමක්නේ ඇයි කලබල වෙන්නේ. හැම දෙකටම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය කියල දෙකක් තියෙනව දෙකේ වෙනසක් තියෙනවා.
මේක කුහක වැඩක් !
මගේ දුවත් යන්නේ ජාත්‍යන්තර පාසලකට, ඒ ලොකුකමට නොවේ ලගම රජයේ පාසලට ගත්තේ නැති නිසා. මේ වගේ තීරණ ගන්න උන්ට හොදක් වෙන්න එපා !!!
ආණ්ඩුව අපහසුවට පත්කරන්න කවුරුහරි දාපු ගොන් පාට් එකක්.............
මේ දරුවන්ටත් අනෙක් පෞද්ගලික පාසල් වල දරුවන් මෙන් පාසල් අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටින්න අයිතියක් ඇත.
ඔය ජාත්‍යන්තර පාසල් එකක්වත් නීත්‍යානුකූල නැත. 1961 අධ්‍යාපන පනතට අනුව රජයට හැර වෙන කාටවත් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලබා දෙන්න නොහැක. දැන් පාසල් අලුතින් ලියාපදිංචි කරන්නත් නොහැක. පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට නැත. උගන්වන්නේ නුපුහුණු ගුරුවරු. පෞද්ගලික පාසල් වල ළමයි දහස් ගණන් ගෙවලා ටියුෂන් යන්නේ ඇයි.
රටේ දරුවන් පුද්ගලික පාසල් වලට යන්නේ රටේ ඒ පාසල් තියෙන නිසානේ. පුද්ගලික පාසල් ඇරලා රජයේ විභාග වලට පාසලෙන් අයදුම් කරන්න නොදෙන එකේ තේරුම මොකක්ද? හොඳම ප්‍රතිපල අරගෙන ඒ පාසල් වල නම් සහ ළමයි ප්‍රසිද්ද වෙන නිසාද? කරුණාකර ඔය ඔක්කොම පුද්ගලික පාසල් රජය යටතට ගන්නකො.
රටේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
පසුගිය දිනවල ඇතිවූ ප්‍රශ්ණය නිසා ඇතිවූ නීතිමය දෝෂ සහගත තත්වය නිවැරදි කිරීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි මගේ අදහස. අනෙක් අතට පෞද්ගලික අයදුම් කරුවන් වෙනුවෙන් පෞද්ගලික පාසල් වල හරි අන්තර්ජාතික පාසල් වල හරි නම් ප්‍රසිද්ධ කරලා රජය මගින් ප්‍රචාරයක් ලබා දීම සිදු කල යුතු නැහැනේ. රජයේ පාසැල් වල අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ සංස්කෘතික වටිනාකම් ඇත්තටම ඉහල තත්වයක තිබෙන අතර පෞද්ගලික පාසැල් වලට යන අය එසේ කරන්නේ තම දරුවන්ට රජයේ පාසැල් නොලැබීම නිසාම නොව, තමන් බලාපොරොත්තු වන පාසැල් නොලැබීම නිසා සහ තම තමන්ගේ තත්වය රැක ගැනීම සඳහාය. සියළුම අවශ්‍යතා සැබැවින්ම සම්පූර්ණ කර ඇත්නම් කිසිවකුටත් ළඟම පාසැලට යාමට බාධාවක් නැත. එබැවින් මෙවැනි අවස්ථාවලදී අසත්‍ය වැපිරීමෙන් වලකින ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලමි.
රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබුවත් මේ ළමුන් ඉදිරියේ අප රටේ පාලනය කරාවි ඔහුන් වැඩි දැනුමින් පෝෂණය කිරිම රජය සතු වගකිමකි
පුද්ගලික පාසැල හෝ රජයේ පාසලේ හෝ වේවා එකම විභාගයට වාඩිවෙලා ඒක සමත් වෙනවා නම් මොකක්ද තිබෙන ප්‍රශ්නය. නගරයක තිබෙන රජයේ පාසලකට ළමයෙක් දමාගන්න විදුහල්පතිට දෙන පගාව, පාසල් සංවර්ධන සමිතියට දෙන මුදල්, ඩෙස් පුටු වලට දෙන මුදල් වල එකතුව රුපියල් 50000 සිට 1000000 අතර වෙන්න පුළුවන්. මේවා පාසලෙන් පාසලට වෙනස් වෙන්න පුළුවන්. රජයේ පාසල්වල ඉගෙන ගන්න ළමුන්ගෙන් 99% හවසට , සති අන්තයේදී ටියුෂන් පන්ති යනවා, මේවට වියදම මාසෙකට රුපියල් 5000 සිට 300000 අතර වෙන්න පුළුවන්, මෙම වියදම් ගණනය කරලා බැලුවම බොහෝ විට පුද්ගලික පාසලකට ළමය යවන ඒක දිර්ග කාලිනව ආර්ථික වශයෙන් දෙමවුපියන්ට ලාභයි. පුද්ගලික පාසල් නඩත්තුවට අපේ බදුමුදල් වැය නොවේ, එමනිසා බලධාරියිනි පුද්ගලික පාසල්වල සිසුනට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න එපා .