(ටී.කේ.ජී.කපිල )
අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මැඩගස්කර් , මොසැම්බික් , උගන්ඩාව , කෙන්යාව , රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති .
මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ , දාර් එස් සලාම් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් කීපයක නැවැත්තුවලු.. මේ සැරේ මොන දේශපාලකයෙකුගේ පුතෙක්ද දන්නේ නැහැ මේ කට්ටිය අතර ඉන්නේ..?
ඇයි මැදපෙරදිගට විතරක් ගුවන් යානා එන්නේ නැත්තේ..? එයාලා මැරුණට කමක් නැද්ද?