IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයකුගේ මස්සිනා මරුට

ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජුලිගේ
 
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නම් 25 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

 
ඔහු අද රාත්‍රී තවත් පුද්ගලයකු සමඟ ත්‍රීරෝද රියෙන් යද්දී මෙම වෙඩි තැබීම සිදු වී ඇත. 
 
මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇතැයි ද, මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තුරු සිරුර ආරක්ෂා සහිතව එම ස්ථානයේම තබන බව ද පොලිසිය කියයි.
 
ත්‍රීරෝද රියේ ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබේ.
 
මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්‍රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. 
 
නිප්පු නමින් හඳුන්වන  සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළාදැයි සැක කරන බව පොලිස් ආරංචි පවසයි.



අදහස් (3)

මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයකුගේ මස්සිනා මරුට

Menna Wednesday, 28 March 2018 04:21 AM

ලංකාවේ කොච්චර පාතාල සාමාජිකයින් ඉන්නවද, ඉවරයක් නැහැ. මිලියන 20 ම පාතාලයේද දන්නේ නැහැ.

:       1       25

jana Wednesday, 28 March 2018 05:40 AM

රටට සුදු වැන් ඕන වේ...

:       48       154

padmini Wednesday, 28 March 2018 05:52 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති බුදු බණේ පවා කියල තියෙනවා.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site