
(ලලිත් නවරත්න සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන්බවට සැකකරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද(22) අධිකරණයට ඉදිරිපත් වීමෙන් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අනුර බුද්ධදාස මහතා නියෝග කළේය.
ඉකුත් 25දින ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට නීතිවිරෝධීව ඇතුලුවී අනවසරයෙන් එහි බිමි කොටසක් ඩෝසර් කර ඉස්සන් පොකුණු සෑදූ ව්‍යාපාරිකයෙකු සහ ඩෝසර් ක්‍රියාකර වන්නෙකුට මෙම නීතිවිරෝධි ක්‍රියාව සිදුකිරීමට අනුබලදුන් බවට සහාපතිවරයාට පවරා ඇති චෝදනාව වේ.
ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක්‍රියාකරු ඩෝසරය සමඟ ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඉකුත් 2020. 08. 28දා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට ඉකුත් 2020. 09. 18 දින රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇපසහ තවත් ඇප කොන්දේසි 3ක් මත අධිකරණය විසින් ඇප ලබාදෙන ලදි.
විත්ති පක්ෂය වෙනුවෙන් තරංග දිසානායක, චින්තක කරණාරත්න ප්‍රසන්න හිලරි සහ රුවන් ප්‍රනාන්දු යන නීතිඥවරුන් පෙනීසිටි අතර පැමිණිලි පක්ෂය වෙනුවෙන් ආච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
241
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
391
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනවිළුන්දාව ඩෝසර් කළැයි ජගත් සමන්ත පෙරේරා රිමාන්ඩ්
beau Tuesday, 22 September 2020 10:28 AM
හොඳ වැඩේ...
පොලිටික්කා Tuesday, 22 September 2020 10:58 AM
පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්න. 20 සම්මත වූ ගමන් එළියට දානවා. මේ මෝඩ ජනතාව ටික දවසකට අන්දන්න විතරයි අපිට ඕනේ...
තුසිත Tuesday, 22 September 2020 02:02 PM
අම්මෝ..අපි රැවටෙන්නම් ඩෝසර්.. ඔයා නම් මාරයි. දැන් කලින් කිව්වා නේද ඔය හාදයා ඕවාට සම්බන්ධයක් නෑ කියලා..
pradeepa Tuesday, 22 September 2020 04:34 PM
අපි රැවටුණා.. අපරාදෙ අපි මේ අයට ඡන්දෙ දුන්නේ.. සමාවෙන්න අපි කරපු වරදට... අපි නිසා මේ රටේ සියලු ජනතාව දුක් විඳින්න වෙනවා.