
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩඩාංගණයේදී අද (2) පැවැති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
ඇෆ්ගනිස්තාන් පිතිකරුවෝ ලකුණු 269 ක ඉලක්කය ඕවර 46.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ඊබ්‍රහිම් ශද්‍රාන් පන්දු 98 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 98 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චරිත් අසලංක පන්දු 95 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 268
(පැතුම් නිස්සංක 38, චරිත් අසලංක 91, ධනංජය ද සිල්වා 51, දසුන් ශානක 17, දුෂාන් හේමන්ත 22, ෆෂාල්හක් ෆාරුක් 58/2, ෆරීඩ් අහමඩ් 43/2)
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 46.5 කදී කඩුලු 4 ට 269
(ඊබ්‍රහිම් ශද්‍රාන් 98, රමාට් ෂා 55, හෂ්මතුල්ලා ශහිඩ් 38, මොහොමඩ් නබී නොදැවී 27, කසුන් රාජිත 49/2)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.