(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
නමුත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
2019දී පොහොට්ටුව පස්සෙන් ගිහිල්ලා දැන් එනවා කියවන්න...
මේ පුද්ගලයා ඉක්මණින්ම අත්අඩංගුවට ගත යුතුයි.
2015 දී මෙයා පොදු අපේක්ෂක කිරීම තරම් මෝඩ වැඩක් ලංකාවේ සිදුවී නැහැ. දැන් මෙයා මරු විකල්ලෙන් කියවනවා..
තමුන්ගේ පැවැත්ම සඳහා පමණයි. එපමණයි. මෙයාගේ තියරිය එච්චරයි.
දීලා බලන්නකෝ පත්වීමක්... නොගිහින්ම ඉඳියි..
එදා හොරු අද පාලකයෝ වෙලා ඉන්නේ ඔහේගේ කයිවාරු දේශපාලනය නිසා නේද? දැන් ඔය කියවන්න පටන් ගත්තේ මාර්තු මාසේ ඡන්දයක් තියෙනවා කියලා කෙනෙක් කියපු නිසා නේද? හැබැයි අපි ඔහේට නම් දෙන්නේ නැහැ. ඔහේ තමයි ශ්‍රීලනිපය වළලා දැම්මේ...!
සිරිසේන නිකන් දොඩවනවා. පක්ෂයේ ඔක්කොම සිරිසේන දාලා ගිහින් ඇමැතිකම් අරගෙන...
කයිවාරු සිරිසේන...!