
(යොහාන් භාසුර)
වර්තමාන ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බව කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කුමන පහසුකම් ලැබුණ ද රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ උත්සහ ඵලදායි නොවන බව ද සඳහන් කළේය.
‘ලංකාකිව්ආර්’ සේවාව රට පුරා ජනගත කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යසවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (25) එසේ පැවසීය.
මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික ‘කිව්ආර්’ කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ‘ලංකාකිව්ආර්’ ක්‍රමය මගින් හැකියාව ලැබේ.
COMMENTS
එකකින් කීයද?
හා කොමිස් එක කීයද?
මේ ව්‍යාපෘතියෙන් කීයක් ගහගන්න ප්ලෑන් කරනවද දන්නේ නැහැ...
කල්ල මරේ... !!!
බාප්පා ඩිජිටල් ඇමැතිකම මාස ගාණකට කළින් මෙයාට දුන්නේ අත ලෙවකන්න නොවේ...!!!
ගොඩක් හොඳ වැඩක්... ලංකාවට තිබුණු ලොකු අඩුපාඩුවක්.. වෙන මොනවත්ම නැද්ද දැන් කරන්න...? ඉතියෝපියාවලත් විදුලි මීටරය ඩිජිටල්... රෝහල්වල රෝගීන්ගේ හිස්ට්‍රි එක රෙකෝර්ඩ් වෙනවා තුණ්ඩු කෑලි මොනවත් නැහැ... අඩුම ගානේ ඒ වගේ දෙයක් වත් කරන්න.
තමුන්නැහේලා හොඳ වැඩක් කළත් රටේ වැඩිදෙනෙක් ඒකට හොඳයි කියන්න සූදානම් නැහැ. ඒ රාජපක්ෂවරුන්ගේ කැරැට්ටුව හොඳ නිසා. ඒක නිසා මේකත් සැකයි...
ඒවා හීන... ඊට කළින් පුතා ඔයාලා ගෙදර... ඒක මතක තියාගන්න..
අර වැක්සීන් කාඩ් එක ඩිජිටල් කරලා ඉවරද දැන්... ?
බිට්කොයින් ගෙනාවම සල්ලි අච්චු ගහන්නත් ඕනේ නැහැ.
ඩිජිටල් හැඳුනුම්පත පොලිසියට සහ ග්‍රාමසේවකයාට පෙන්වීමට පමණක් භාවිතා කරන්නේ නම් එය ඵලක් නොවේ. LankaQR පවා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු භාවිතා කරන්නේ නැහැ. එපමණක් නොව, එය මාර්ගගත මිලදී ගැනීමේ වෙබ් අඩවිය භාවිතා නොකරයි. බස් ෆෙයාර් සහ සියලුම අන්තර්ජාල සාප්පු සවාරි සහ නොබැඳි සාප්පු සවාරි සඳහා ගෙවීමට දැන් ස්මාර්ට් දුරකථනය භාවිත කරන්න. මුලින්ම LankaQR අඩුම තරමින් මාස 6ක් මිනිසුන්ට නොමිලේ ලබා දෙන්න. ඕනෑවට වඩා කතා කරන ඕනෑම දෙයක් අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් සමඟ වැඩ කරයි.
අඩුම තරමට ඩොලර් මිලියන විසි දෙක වගේ දහගුනයක් දැනට. හැමදාම උපදින්නට ඉන්න අයත් පොකැට්ටුවටම තමා. ජයවේවා කුමාරාණෙණි.
වැඩේ හොඳයි. නමුත් කාලයක් තිස්සේ නේද ඔය කතාව කියන්නේ? කරනකම් විශ්වාස නෑ.
ගානක් කැපිල ඇති ඒකෙනුත්.