(ඩයනා උදයංගනී)
මීතොටමුල්ල කුණු කන්ද අවට අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් සඳහා පූර්ණ වන්දියක් හෝ ස්ථිර නිවාසයක් ලබාදෙන තුරු මසකට රුපියල් පනස්දහසක් බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම පවුල් වෙත භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් 10000ක් ලබාදීමට ද තීරණය කර ඇත.එමෙන්ම මාස තුනක් ඇතුළත නව නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීමට ද තීරණය වී ඇත.
මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දී අද (21) පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණ ගැනිණි.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නායයෑම හේතුවෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 22ක් අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති ප‍්‍රදේශයේ ද නිවාස 211ක් පිහිටා ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
අපි දැක්කනේ සාලාවේ අයට ගෙව්ව හැටි.
අර ඇමතිවරුන්ට ගෙන්නන තියෙන වාහන පසෙක තියලා මේ අසරණ වූ මිනිසුන්හට දියයුතු උපරිම සහනයක් දෙන්න.