IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ දේශීය නියෝජිතයා සී.අයි.ඩීයට එයි

(නිමන්ති රණසිංහ)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීම සඳහා අර්ජුන හෙට්ටිආරච්චි මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර කටයුතු පිළිබද අංශය වෙත පැමිණීයේ ඉකුත් දා අධිකරණයෙන් නිකුත් වූ නියෝගකට අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  උදෑසන 8.30ට පමණ පැමිණී ඒ මහතා පැය දෙකකට අධික කාලයක් සිය ප‍්‍රකාශය ලබා දීමෙන් පසු උදෑසන 10.45ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

අර්ජුන හෙට්ටිආරච්චි මහතා සිය නිතීඥවරයා ද සමග පැමිණ මෙම ප‍්‍රකාශය ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ දේශීය නියෝජිතයා සී.අයි.ඩීයට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site