(ඉන්දිකා රාමනායක)
සංචාරයන් සදහා ශි‍්‍ර ලංකාවට පැමිණෙන විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපයන බවට ව්‍යාජ ආයතයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යමින් විදේශිකයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචාකර විවෘත වරෙන්තු ලැබ සිටි සැකකාර යුවළක් වසර 4 ට පසු ගල්කිස්ස සුපිරි නිවාස සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිස් කොට්ඨාසය කියයි.
සැකකරුගේ බිරිද ගේ දෙමාපියන් දෙදෙනා ද මෙම නිවසේ සැගව සිටි දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දෙදෙනාට ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය කියයි.
පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් ගල්කිස්ස කොට්ඨාසයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙරට පැමිණෙන විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපනය බවට ප‍්‍රධාන සැකකරු අන්තර් ජාලයේ ව්‍යාජ ආයතනයක් පවත්වාගෙන ගොස් විදේශිකයන් මුලාකර රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර ඇති බවත් , ආයතනයේ ඡායාරූප වශයෙන් ඔහු භාවිතාකර ඇත්තේ සංචාරක හෝටල් වල සහ සුපිරි නිවාස සංකීර්ණ වල කාමර බවද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
COMMENTS
රටම විනාශ කරන අයට දැඩි දඬුවම් දිය දිය යුතුයි නැතිනම් ජාත්‍යන්තරය හමුවේ අපේ රට විනාශ වෙනවා.
පරම්පරාවම හොරකමින් ජීවත් වෙන අය වගෙයි.
මේ අයගේ නම්ගම් ඇතිව ලියන්න.
ව්‍යාජ ලියකියවිලි සැදීමට ආවේ විශේෂඥ ගම්මන්පිලගේ නෑයෝද දන්නේ නැහැ.
ලොක්කෝ ගහන ගැහිලි බලපුවම මේවත් ගැහිලිද කියලා හිතෙනවා. නමුත් වරද වරදම තමයි. දඬුවම් විඳින්නම ඕනේ...
මෙවැනි හොරදෙටුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. ඒත් අන්තර්ජාලය භාවිතයෙන් ව්‍යාපාර කටයුතු කරන නිවැරදි අයට බාධා නොපැනවිය යුතුයි. මන්දයත්, ඔවුන් මව්බිමට විදේශ විනිමය ගෙනෙන්නන් වන බැවිනි. සමහර හොර දෙටුවන්ගේ වැඩ නිසා රටේ කීර්ති නාමයට හානි පැමිණ නිවැරදි ව්‍යාපාරිකයන්ටද එම තත්වය අහිතකර ලෙස බලපායි. නීතිය රකින්නන්ගේ නුවණ වර්තමානයට නොගැලපෙන නිසා අන්තර්ජාලය හොරදෙටුවන්ට හොරකම් සඳහා තෝතැන්නක් බවට පත්වී ඇත. මේ තත්වය නිසා අන්තර්ජාලය තම ව්‍යාපාරික කටයුතුවලට යොදාගන්නා නිවැරදි බොහෝ දෙනාට වැදී ඇත්තේ මරු පහරකි.