IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මහින්දානන්දගේ පැමිණිල්ල බාරගන්න පොලිසිය නාවලපිටියට යයි

(රංජිත් රාජපක්ෂ)

                       

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරග පවාදිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත  ලියකියවිල්ලක් අද (24) ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රිඩා අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ අපෙක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදී මෙසේ කීය.

ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් පිරිසක් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි පැමිණිල්ල සටහන් කරගෙන ඇත.

මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කල පැමිණිල්ල කරුණු 24 කින් යුත්  පිටු හයකින් සමන්විත වන බවද , එයට අදාල ලියකියවිලි 8 ක් ඇති බව ද ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයට වෙත බාර දුන් බවයි.

ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් බවත් , මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් හරින් ප්‍රනාන්දු මහතා වෙත එවා තිබු බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

එම තරග පවාදීම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ෂණ අංශය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා තවදුරටත් ඒ පිළිබඳ කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියළු මාධ්‍යයවේදින්ගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (8)

මහින්දානන්දගේ පැමිණිල්ල බාරගන්න පොලිසිය නාවලපිටියට යයි

Nishan Wednesday, 24 June 2020 05:52 AM

දැන් එහෙම කිව්වේ නෑ කියනවද දන්නෑ...

:       0       55

අනුහස් Wednesday, 24 June 2020 06:00 AM

අපහසුවෙන් ලබා ගත් ලකුණු 272ක්... ඉන්දියාව 31ට කඩුළු 2ක්... ඉන්පසුව ක්‍රමානුකූලව තරගය අත හැරීමක්... එකල තිබූ නීතිරීති වල හැටියට ලකුණු 272ක් පසුකිරීමත් පහසු දෙයක් නොවේ. ඒ මදිවාට අපේ තුන්ඉරියව් සුපිරි ක්‍රීඩකයෙක් අවසන් තරගය ප්‍රතික්ශේප කර තිබුණා නේද!.. ක්‍රීඩාලෝලින් වන අප කලකිරීමට පත්කළ ක්‍රීඩා තරගයක් තමයි ඒ තරගය... එදා පටන් අප ක්‍රීඩා තරග පරදින උපක්‍රම සොයා ගියා.

:       29       42

pradeepa Wednesday, 24 June 2020 06:09 AM

හිටපු 225ටම මොකක්හරි තමන්ගේ නමේ එක ප්‍රසිද්ධ වෙන්න මාර්කටින් ප්ලෑන් එකක් හදාගන්න ඕනෑකර තිබේ.

:       3       7

de silva Wednesday, 24 June 2020 06:27 AM

මෙයා රටම කෑවා.. එහෙම දෙයක් තිබුණා නම් එම අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ නැතිව දැන් ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ අපේ රටට අවමානයක් මිසක් වෙන කුමක්ද?

:       0       35

fairoos Wednesday, 24 June 2020 06:55 AM

මෙදාසැරේ මෙයාව මහනුවරින් පාර්ලිමේන්තුවට යවමු...

:       18       21

Saman Wednesday, 24 June 2020 07:23 AM

තමන්ගේ නමින් උසාවියේ නඩු පිට නඩු තියෙනවා... රටේ සල්ලි කාබාසිනියා කළා කියලා එහෙම කෙනෙක්ගෙන් අපිට අහගන්න තිබෙන දේවල්...

:       0       13

ANURA Wednesday, 24 June 2020 08:28 AM

තමුන්නාන්සේලාගේ සතුට වෙනුවෙන් අපි අපේ සතුට කැප කළා.

:       0       2

Prabha Wednesday, 24 June 2020 12:31 PM

දැන් දහ අතේ බනිනවා. බලන්නකෝ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තු යන අපූරුව මොගොල්ලෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site