
(අංජුල මහික වීරරත්න)
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාලව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දෙවන මහලේදී පැවැත්විණි.
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එම ප්‍රතිපාදන ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අදාළ අමාත්‍යාංශ වලින් ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා සහ ඒ අනුව වෙන් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී විමසා බැලිණි.
එසේම පාසල්වල යටිතල පහසුකම් (සනීපාරක්ෂක) වැඩි දියුණු කිරීම, මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඉටු කළ හැකි කාර්යභාරය, සංචාරක කර්මාන්තයට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම, කුලී රථ රියදුරන්ගේ ආකල්ප සහ සදාචාරත්මක හැසිරීම් වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අදාළ තිරසර සැලැස්මක් සකස් කිරීම, ඉහල මහවැලි පෝෂක ප්‍රදේශවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහවැලි කලාප වල තෝරාගත් ප්‍රදේශ කිහිපයක පරිසර පද්ධති සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු රට තුළ සාමාජීය, පාරිසරික මෙන්ම ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය පාරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂි කර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ මුදල් කොමිෂන් සභාව, සංචාරක සංවර්ධන අධිකාරිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පැවති සංස්කෘතික ආගමික පදනමට පහරදීලා රට අනාගමික කරන්න ඕන කියන ප්‍රතිපත්ති වෙනුවෙන් මහන්සි වෙන අය ආචාරධර්ම සදාචාරය ප්‍රවර්ධනය කරන්න වැඩසටහන් කරනවලු, මේ මොන විහිළු කතාද? ඒක පැත්තකින් රටේ හර පද්ධතීන් සහ ගුණයහපත්කම් ආරක්ෂාවීමට හේතු වෙච්ච ආගමික සංස්කෘතික පද්ධති ප්‍රතික්ෂේප කරනවා, බටහිර සාරධර්ම ද ඔය පුරුදු කරන්නෙ. මොනවද ඒවා, ඔය කියන ඒවා කරලා අද බටහිර සමාජය ඔත්පල වෙලා, අන්න ට්‍රම්ප් ජනපතිතුමාට ඒක තේරිලා LGBTIQ වගේ සංකල්ප තහනම් කරන්න යනවා, මෙහෙ ලොකු පුටුවල අය ඒවා ලංකාවේ ප්‍රචලිත කරන්න වැඩ කරනවා. එහෙමද ආචාරධර්ම සාරධර්ම සපිරි අනාගත ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්නෙ.
ජනාධිපතිතුමනි පලමුවෙන් ඔබගේ කාර්යලයේ ඉන්න අතිරේක ලේකම්ලා වන අබෙන්සු කපිල රෝෂන මේ තුන් දෙනාට ක්ලීන් ශ්‍රි ලංකා වල තියෙන ethics උගන්වන්න.මේ අයට දැන් කියන්නෙ ත්‍රී ඉඩියට්ස්ලා කියලා.මේ තුන් කට්ටුව පහුගිය දවස්වල ක්ලින් නිලදාරින් කීප දෙනෙක් පරිපාලන සංචිතයට දැම්මා.මේ අය අතර ක්ලීන් ශ්‍රි ලංකි වැඩසටහනට දැනට වඩාත්ම ගැලපෙන පරිපාලන නිලදාරිනිය් මාරු කරා හොරෙන්ම.ඇයගේ හැකිායවන් හයිලයිට් වේවි කියන බයට තමයි මාරු කරේ.අපිට ආරංචි විදිහට ඇය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රෙයන් පවා දැන් අයින් කරලා කියලා තමයි.හරිම අපරාධයක් ඒක.අැය සේවය කල සියලු කාර්යල වලට ඇයගේ සේවා කාලයේ කිසිදු විගනන විමසුමක් නැහැ තාමත්.අපිට කියන්න තියෙන්නෙ අනුර ඔබ මේ නිලදාරින් සමග යනව නම් ඒක අසාර්ථකයි.මේ තුන් දෙනා පුද්ගලික පලිගැනීම් කරනවා.හොයලා බලන්න.අනික අනුර ඔබ කිවා දක්ෂයන්ට තැන දෙනවා කියලා.ඇය ගැන හොයලා බලන්න ..ඔබ පුදුම වේවි.ඇයගේ හැකියාවන් දැක්කම.ඇය එක් වරක් ලංකාවේ හොදම ප්‍රාෙද්ශීය ලේකම් වෙනවා ....කරුමෙට අනුර සහෝදරයා එහෙම සම්මාන ලබපු ඇය අද රාජ්‍ය පරිපාලනයෙන් පවා ඉවත් කරලා....ඇයට වසර 34 නොකැලැල් සේවා කාලයත් තියෙනවා...
ක්ලීන් ශ්‍රී ලංකා වැදගත් වැඩසටහනක් කියන්න පුළුවන්. ඒත් ඒක කාලෙකට පෙර තිබූ එලදායිතාවය (ඵලදායිතාව) වගේ නොවිය යුතුයි. ඵලදායිතාවය වැඩසටහනේදී අනවශ්‍ය දේවල් ලෙසට සමහර කාර්‍යාලවල ආයතනය ගැන විස්තර තිබුන ගොනු හා ලොග් සටහන් වගේ වටිනා ලේඛන විනාසකර ඇති කියලා පේනවා.. ගෝඨාභය අධ්‍යාපන සුදුසුකම් නොසලකා රැකියා දුන් පිරිස් වැදගත් ආයතන වලට පත්කර තිබීම නිසා අනාගතේ මොනවා වේද? ක්ලීන් ශ්‍රී ලංකා යටතේ බලනවා නම් හොඳයි.