IMG-LOGO

’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි 2ක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ  කොම්පඤ්ඤවීදියේ පිහිටි "සිටි හොටෙල් කලම්බො" හෝටලයට ඉකුත් 9 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරී අනර්ථයක් සිදු කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 02 පදිංචි මොහොමඩ් නබීල් හුසේන් සහ මොහොමඩ් ඉරෆීන් මොහොමඩ් ෆව්මි යන අයවලුන් ය.

ලිලි වීදිය කොළඹ 2 පිහිටි "සිටි හොටෙල් කලම්බු" හෝටලයට ඉකුත් 9 වැනිදා පැමිණි දෙසීයක පමණ පිරිසක් මෙම අලාභ හානිය සිදු කර එහි දේපළවලට හානි කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එහි කළමනාකරු මොහොමඩ් අස්ෆල් අර්ෆාන් නැමැත්තා බව කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.



අදහස් (1)

’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි 2ක් රිමාන්ඩ්

Lalith M Thursday, 26 May 2022 07:18 AM

ඉස්සර වෙලාම ඕවාට මුදල් කොහොමද හෙව්වේ කියලා හොයන්න. එයාටත් ඩේසි ආච්චි දීලාද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site