
(ආරියරත්න රණබාහු )
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ මහතා මාධ්‍ය හමුවකදී අද (07) පැවසීය
අදාළ එම වාර්තා අධ්‍යයනයකොට ජනාධිපතිවරයා කටු වාපිටිය ට ගියේ නම් එහිදි වින්දිතයන්ඇසූ ප්‍රශ්නවලටවැනෙන පිළිතුරු නොදී සෘජු පිළිතුරු ලබා දිය හැකිව තිබුනේ යැයිද ගම්මන්පිල මහතා කීය
මෙම මාධ්‍ය හමුව පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි .එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා. අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ.
ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිලිතුරු දෙන්න තිබුණා. මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න. ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න. පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.
ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි. ඒත් කටුවාපිටියේ යනකොටවත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නෑ. මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට විතරක් නොවේ සමස්ත ජාතියටම අයිතියක් තිබෙනවා. හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු. වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිසම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍යද? නැති නම් මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? “රනිල් ගිහින් රනිල් ඇවිත්” කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක් විය හැකි බවද හෙතෙම පැවසීය .
COMMENTS
තමුන් කොහොම කෙනෙක් ද කියලා අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. ඔය තරමට පාස්කු ප්‍රහාරයේ වාර්තා ගැන දැනගෙන හිටියා නම් මෙච්චර කල් බලන් හිටියේ අහවල් දේකටද?
වගකීම් සහිතව යමකට මුහුණ දෙනකොට වගකීම් රහිතව කතා කරනවා වගේ නෙවෙයි... මං හිතන්නේ වර්ථමාන ජනාධිපති තුමත් දැන් වගකීම් සහිතව කතා කරන නිසා පරිස්සම් වෙනවා.
පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ හිටියනේ.. එතකොට අහන්න තිබුණනේ ආණ්ඩු පක්ෂයේ ඉඳන්ම...!
ජනාධිපතිතුමා කරන්න ඕනෑ මොනවාද? නොකරන්න ඕනෑ මොනවාද කියලා හොඳටම දැනගෙනයි ඔතැනට ආවේ. ඒ නිසා කේවට්ටයින්ගේ හරි, නිවට ඇම්බැට්ටයින්ගේ හරි උපදෙස් ජනාධිපතිතුමාට වුවමනා වෙන එකක් නැහැ...!
අපේ රටේ අප්‍රසන්නම දේශපාලකයින් තුන් දෙනෙක් තේරුවොත් මෙයත් ඉන්නවා. අවුරුදු 25ක් විතර කලේ බොරු කීම පමණයි. මේ පාර ගෙදර නවතීවායි පතමි.
අනේ මෙච්චර කල් මෙතුමා නිදාගෙන ඉඳලා දැන් ඇහැරිලා අපේ පවු ගොඩක් දුක ඇති...
නමින් නම් පිවිතුරු හෙළ උරුමයේ නායකයා. රට ගැන ඔයතරම් අමාරුවක් තිබුණා නම් දන්න දේවල් නොකියා හිටියේ ඇයි? බලාගෙන ගියාම මෙයා හෙළ කරුමයක්?
ඔයාව පේනකොට පිටිපස්සෙන් හිනායන්නේ මට විතරද? දැන්නම් ඔක්කොම වැඩ්ඩෝ...
පල්ලියෙන් ආරාධනාවක් එනවා, එතකොට එතැනට යන්නේ වාර්තා පෙරලලා බලලද? පල්ලියට යන්නේ නඩු කතා කරන්නද? වාර්තා කියවනවා කියන්නේ සරල දෙයක්ද? එතැන කිසිම වැනෙන උත්තර නැහැ. ජනාධිපතිතුමා සාර්ථකව හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා වගේම පල්ලියක කළ යුතු කතාවක් කලා. ගෝඨාභය බලයට ගේන්න බොරු මවලා දැන් උපදෙස් දෙන්න පටන් අරගෙනද?
ගම්මන්පිල ගිහිං, හොල්මන්පිල ඇවිදින්... හෙළ උරුමය ගිහිං, හෙළ කරුමය ඇවිදින්...
පිළිකුල් සහගත පුද්ගලයෙකි
යකෝ මේක මාර කෙලියක්නේ...! අනුර ජනාධිපති වෙලා තවම සති දෙකයි, මේක හරියට හනිමූන් ගිහිං එනකොට බබෙක් ගෙනාවෙ නැත්තේ ඇයි කියලා නැන්දම්මා අහනව වගේ කතාවක්. මේ.., ගොම්මංපිල ගොයියෝ.., එහෙනම් ඕක අහන්න කලිං අපට අර ඔහේ දෙනවයි කියපු මන්නාරං තෙල් බෝතලයක් දීලා ඉන්නවාද? මන්නාරං තෙල් රෙද්ද පල්ලෙන් බේරෙනවා...
පාස්කු ප්‍රහාරයෙන් අහිංසකයින් සියගණනක් මියගියා, මියගියා නොවෙයි දෙවියන්ගේ මන්දිරයේ දෙවියන් යදිමින් සිටි ඒ අසරණයින්ව ඝාතනය කළා. මේ කතාකරන " ගම්මන්පිල" එක ඕස්ට්‍රේලියානු ජාතික අසරණයෙක්ව " නොමරා - මැරුවා". මෙයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඒ අහිංසකයාගේ බැංකු ගිණුමෙන් ඩොලර් ලක්ෂ ගානක් හොරකම් කළා. ඒ මනුස්සයාට තවමත් සාධාරණයක් ඉටුවුණේ නැහැ. ඒ ප්‍රශ්නය නිසා තමයි මෙයා ඕස්ට්‍රේලියාවට නොයන්නේ.
මට මතක හැටියට “ශාලාව යුද කඳවුරේ “පිපිරීම ගැණත් මෛත්‍රී ජනාධිපතිතුමා කොමිසමක් පත්කළා. එහි වාර්තාවත් ප්‍රකාශයට පත්කෙළ් නැහැ...
පව් බබා, හීනේන නැගිටලා දැන් ලකුණු දාගන්න කතා දෙනවා.
ඔහෙලත් දැනගෙන උන්නානේ පාස්කු ප්‍රහාරය වෙනවා කියලා.
මෙච්චර කල් කොහෙද හිටියේ.
ආව් ගෝඨගෙ කාලෙ නිකං කකා ඉඳල