
(කවිදු දිල්ෂාන් සහ ගයාන් තිවංක)
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ "සමන් කියයි 2" ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ "චොකොහොලික් හීන" සහ ඇයගේ පුත්‍රයා වන තරුසර පෙරේරා ලියූ "Black Dragon - කළු මකරා" යන කෘති ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවයක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයෙහි දී ඊයේ(12) පැවැත්විණි.
එක ම පවුලක පරම්පරා තුනක රචකයන් මෙම කෘති ත්‍රිත්වය රචනා කිරීම මෙහි විශේෂත්වය යි.
තරුසර පුතණුවන් ලියූ කළු මකරා කෘතිය එහි දී සුපවේදිනී අනෝමා විජේතුංග මහත්මියගේ විශේෂ ඇගයීමට ලක් විය.
එම කෘතිය සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් ම රචනා කර තිබීමෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අවම දරුවන්ට ද එය කියවීමෙන් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගත හැකි බව ඇය පැවසී ය.
ඔහුගේ සීයා සහ අම්මා ද පොත්පත් රචනා කිරීම ඔස්සේ එම ලේඛක පසුබිම දරුවාගේ ලේඛන ජිවිතයට දැඩි රුකුලක් වී ඇති බව ඇය වැඩි දුරටත් කියා සිටියා ය.
තරුසර පුතණුවන්ගේ සියා වන සමන් අතාවුදහෙට්ටි මහතාගේ සමන් කියයි 2 කෘතිය පිළිබඳ අදහස් දැක් වූ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසූයේ එම කෘතියෙහි විශේෂත්වය ඇත්තේ එහි උත්ප්‍රාසාත්මක භාෂා විලාසයේ බව ය.
ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි මහත්මිය ලියූ කෘතිය ද උත්සවයට පැමිණ සිටි විද්වතුන්ගේ ඇගයීමට ලක් විය.
ඒ අනුව "තුන් පරපුරක තුන් පොත් රෑණ" නමින් පැවැත් වූ මෙම උත්සවය සඳහා පැමිණ සිටි අනෙකුත් විද්වතුන් වූ ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, වෛද්‍ය හෙමන්ත පෙරේරා යන මහත්ම මහතමීහු එහි දී අදහස් දැක්වූහ.
නදික ගුරුගේ, සඳනි විජේතුංග හා රෙහාන් විතානගේ ඇතුළු පිරිස ගායනයෙන් උත්සවය වර්ණවත් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
දුවටයි, මුණුබුරාටයි අහවලත් එක්ක ෆොටෝ එකට නොඉන්න තරම් ආත්ම ගෞරවයක් තිබිලා තියෙනවා. සමන්ට ඕක නොකර ඉන්න බෑනේ. බිමල්ව ගෙන්නාගෙන වටිනාකමක් ගන්න. ඔන්න බජාගේ පොටෝ කියැවිල්ල....
මගේ සුබ පැතුම්, සමන් අතාවුදහෙට්ටි මහත්තයාගේ පොත් කියවන්න ආස හිතෙන හොඳ පොත්. ඒ මහතාගේ දරුවනුත් ඒ මග ම යාවි කියලා මම හිතනවා.
අල්ජසීයා ලඟදීම .... ට.
උත්සවයට ආරාධනා කරපු අය ඇවිත් තියෙන්නේ.. බකල ජායාට අවුල් ඇති...!
ඔය එක්කම අපේ ආරාධිත සීයා ගැන ලියපු ‘බටලන්ද කොමිෂන් වාර්ථාව’ කියන ග්‍රන්ථයත් එලි දැක්වුවානං හරියටම හරි..!
මම කල්පනා කරන්නේ මගේ අදහස කියවල මාලිමාවුන්ට ජුවල් ගියේ මොකද කියල. ආණ්ඩුවට බැන්නේ නැහැ කියලද? ආණ්ඩුවට බනින්නවත් වටින්නේ නැහැ උන් ඒ තරම් තකතීරු බූරු රැළක්