
(සුජිත් හේවාජුලිගේ)
අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එතනින් එහාට රාජකාරී පැවරී ඇත්තේ අමාත්‍යවරුන්ට බවද සඳහන් කළේය.
COMMENTS
ඉතින් ඔහේ බටලන්ද සීයාත් එක්ක ආණ්ඩු කරපු කාලේ ඒවා හොයන්න තිබ්බනේ , කොහෙද දෙන්නටම ලෝකේ වටේ රවුන් ගහන එකට අමතරව වෙන වැඩක් තිබ්බේ නැහැනේ
මේ අනිත් පින්ගුත්තරයා. අවුරුදු පහක්. පඹයා වගේ ඉඳලා. පුත්තු එක්ක රට සවාරි ගිහින්. මරනීය දන්ඩනය ට නියම කෙරුණු. මිනීමරුවෝ මුදලට නිදහස් කරලා. රට පස්සට යවලා පක්ෂය රකින්න ආපු අය. දැන් එනවා අනිත් අයට හොරා පොලිස් කරන හැටි උගන්වන්න. ඔබලා කිසි කෙනෙක්ගේ උපදෙස් අවශ්‍ය නැහැ. උගත් පරපුරක්. රට පාලනය කරන්නේ දැන්... කට්ටියම පරණ ෆයිල් අරන් බලන්න. උසාවි අරන් යන්න කලින්. මේ වගේ හිකනල්ලු. කෑලෑවකට ගියා නම් ඕනෑතරම් ඉන්නවා නාකිමයිනා පණපිටින් පොළව යට වලලනවා කිව්වා කියලා. ජනාධිපති වුණාට පස්සේ රෑට රෑට යනවා. නාකිමයිනාව අගමැති කරන්න. කොන්ද පණනැති අය හින්දා තමයි. ජනතාව අදටත් දුක් විඳින්නේ. මොවුන්ව කුඹුරක හිටේව්ස්ත් වැඩක් නැහැ. සත්තු දන්නවා. කොන්ද පන නැති ගොබ්බයෝ කියන්න.
අපිව අන්දන්න බොරුවට ප්‍රසිද්ධියේ රණ්ඩු වුණාට මේ ඔක්කෝම යාලුවෝ බව පෙනෙනවා නේද මල්ලී? අනුර ගැනත් කියන්න තිබෙන්නේ එපමණයි..
කිඹුල් දත් දොස්තරගේ මිනීමරු කල්ලිය….?
ඉතිං පුලුවං බලේ තිබ්බ ජෝඩුව ඒ කාලේ හෙව්වේ නැත්තේ හිටං?
ඇයි ඔයාගේ කාලේ පොල් ගෑවද හිටන් .හොයන්න තිබ්බානේ
ඇයි ඔය කලබල වෙලා? බය වුණා ද හිටන්? ඔයාගේ කාලේ ඒවා ඇයි ඔය ක්‍රියාත්මක කලේ නැත්තේ?
කිචවෙලා ගිහින් දැන් බොරදියේ මාළු බාන්න මේ මහත්තයා උත්සාහ කරනවා. අර කෝටි 800 මාලිගාව මිනිස්සුන්ට බාරදීලා, ඡන්දයට කලින් කිව්වා වගේ පොළොන්නරුවේ ගිහින් කුඹුරු ගොවිතැන් කරන්න බැරි මොකද?
ඇමැති මණ්ඩලේ ප්‍රධානියා ජනාධිපතිනේ.
ඔව්නේ. කොළ කොටි, කලු බලල්ලු වගේ ගොඩක් නම් වලින් මිනී මරපු කණ්ඩායම් ගොඩක් ඒ කාලේ හිටියා. ඒවා ඒ කාලේ හිටපු මැති ඇමැතිවරු විසින් පවත්වාගෙන ගිය ඒවා කියලත් රාවයක් තිබුණා. ඒවත් අනිවාර්යයෙන්ම හොයන්න ඕන.
එතකොට ඔහෙගෙ කාලෙ වෙච්ච පාස්කු ප්‍රහාරෙ ගැන කොමිෂන් වාර්තා?
අම්මටසිරි ... සේන
මම එතකොට සිංගප්පූරුවට ගිහිං හිටියේ නියපොතු කපන්න. මම ඒක දන්නෙත් නෑ, දැක්කෙත් නෑ. අනික පත්තරේ එහෙම තිබුණද?
ඇත්තෙන්ම ඔව්, ඔබට අමතකද? ඔබ 2015 ජනාධිපති ලෙස තේරී පත්වුණා. ඇයි ඔබට ඒ වෙලාවේ ඒක කරන්න බැරි වුණේ? ඔබේ මනස හොඳ නැති බව පෙනේ. වෛද්‍යවරයකු සොයාගෙන ප්‍රතිකාර ලබා ගන්න.
පව් .... ඔව් ඔව් ... පාස්කු පරීක්ෂණය... ඒ වගේම ඔහෙට විරුද්ධව තියෙනවා නේද ඔස්ට්‍රේලියාවලින් වාරිමාර්ග ප්‍රොජෙට් එකට ගත්තු අල්ලස ගැනත් එකක්.. ඒක යට ගිහිංද එතකොට?
ඝාතන රැල්ල පටන් ගත්ත අය කවුද කියන තැනට තල්ලු වෙලා යන එක වළක්වන්න බෑ. කාගේත් කිල්ලෝටවල හුණු.
රම්බොඩ, දැන් මේ දවස්‌වල රටේ හා හෝ ගාන එක 1983 දක්වා දිවෙනවා.
ඒ කාලේ මරල ගඟේ මූදේ දාපුව ( එක උදා: උ.පො.ප. රෝහිත ප්‍රියදර්ශන) පාවෙලා මාල දිවයිනේ වෙරලට ගොඩගහපු නිසා එහෙ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් උනා කියල ලඟදි අහන්න ලැබුණා. රිචඩ් ද සොයිසව ආයෙත් අපේ වෙරලටම ආවේ නැත්නම් අදටත් අභිරහසක් වෙන්න තිබුණා එක්නැලිගොඩ වගේ.
88/89 හොයන්න ඕනෑ... ඒ වගේ ලසන්ත වික්‍රමතුංග තාජුඩින් වසන්ත එක්නැලිගොඩ රොෂාන්ගේ මීනිමැරුම් ඉදන් හොයන්න තිබ්බානේ
බටලන්ද, පෝලන්තයේ "අඋෂ්විට්ස්" (Auschwitz) වගේ යුක්තියේ කෞතුකාගාරයක් බවට පත්කරන්න ඕන.