
(යොහාන් භාසුර )
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි දිසානායක මහතා පැවසීය.
පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (11) වැනිදා පස්වරු 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර ඇති බවත් සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට එම පුද්ගලයා තර්ජනය කර ඇති බවත් දිසානායක මහතා කීය.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් පසුගියදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකු ද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
එන්න එන්නම විදේශවල සිට තර්ජන කරනවා. ඒවා නැවැත්වීම නොකලොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවෙ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය වැලැක්වීම සදහා ඔය විදේශවල ඉන්නවා කියන මැරයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර ලංකාවට පැමිණීමත් තහනම් කරන්න බැරිද
ලංකාවේ පොලිසිය ගැන නම් වස ලැජ්ජයි. පාතාලයට යටවෙලා මුලු රටම.
යුද්දය දිනුව ත්‍රිවිද හමුදාවක් පොලිසියක් සිවිල් ආරක්ශක බලකායක් ඉන්න රටේ විලි ලැජ්ජයි පාතාල පගර නැට්ටො නටන මේ නාඩගම්.
මාෆියාවේ උපත තියන ඉතාලියේවත් මෙහෙම මාෆියාක් නැතුව ඇති
සඟවා ඇති ආයුධ සියල්ල පෙන්වීම ඉක්මන් කළ යුතුයි!
මේ කාලකන්නි සිග්නල් ජෑම් කරපු farade cage එකක් ඇතුලේ හදපු දුපතක හිරකරලා දාන්න බැරි මොකද .රටේ සංවර්ධනයට තියෙන ලොකුම හෙනයක් මේ පාතාල කාලකන්නි ............
ලංකාවේ දේශපාලකයෝ තමයි පිටරටවලට ගැතිවන සංස්කෘතිය හැදුවේ. ඒකට කොන්ද තිබුණේ නැහැ කෙළින් කතා කරන්න. දැක්කනේ මහින්ද, චීනෙට තම බිරිඳ විතරයි දුන්නේ නැත්තේ. දැන් ඉතින් තත්වය ඔඩු දුවලා... රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහයෝගයක් ලබාගන්නත් බෑ යහපාලනයක් නැති නිසා...
CCD එක යටතේ හිටපු කන්ජිපානි කියන මහාපරිමාණ මත්කුඩු වෙලෙන්ඳාව නිදහස් කරේ කවද්ද? කාගේ වුවමනාවටද? යුක්තිය කියලා මහ බොරුවක් කරන ගමන්, මහාපරිමාණ කුඩු ගෙන්වන අයව රකින්නෙත් මේ ආණ්ඩුව තමයි...
මාලිමාවට පාතාලය නැති කරන්න හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. සහෝදරවරුනි 88/89 වගේ භීෂණයක් ඇතිකරලා, බිල්ලෝ ගෙනැල්ලා, හමුදාවෙන් පැනලා ආපු ඔක්කොම සහ ඔවුන්ගේ පවුල්වල අය ඉවර කරනවා පාතාලයේ නම දාලා... කොහොමද ලප කුමාරගේ අදහස්?
ලංකාවේ නීතිය හා සාමය එන්න එන්නම ආඝාදයට යනවා .
මේ අපරාධවලට ප්‍රධාන හේතුව, අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට, බියක් නැති වීමයි...!