(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් මහතා පාර්ලිමේන්තු සැසියට  ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත.

රහස් පොලිස් අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව නීතිපතිවරයා මේ බව දන්වා ඇත.

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකළ විමර්ශනවලදී  හෙළිවූ කරුණු  පදනම් කරගනිමින් සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන්  විසින්  රිෂාඩ් බඳියුඩීන්  මහතා මෙන්ම ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූ තොරතුරු මත ආරක්ෂක ලේකම්ගෙන් ලබා ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ  බදියුඩීන් සහ ඔහුගේ සහෝදරයා  මාස තුනකට රහස් පොලිසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.