නිමල කොඩිතුවක්කු

රජයකට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වුවත් ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට පැමිණි මාලිමා රජය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයම කඩාකප්පල් කරන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

පුරප්පාඩු වී තිබෙන උපරිමාධිකරණවල තනතුරු පිරවීමට රජය සහ ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වර්තමානයේ රටේ සිටින විනිසුරුවරුන් මෙම පුරප්පාඩුවලට සුදුසු නැද්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.