(සුජිත් හේවාජුලිගේ )
මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී එම සාම්පලවල තිබී මෙම විකෘති වයිරස ප්‍රභේදය හමුවූ බව කී ජීවන්දර මහතා මේ රටේ කොවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව එම විකෘති වෛරස ප්‍රභේදය බවට මේ අනුව පෙනී යන්නේ යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව අන් වයිරසවලට සාපේක්ෂව සියයට 50 දක්වා වැඩි වන අතර මින් මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට පනහකින් පමණ වැඩි යැයි චන්දිම ජවන්දර මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ප්‍රදේශ වලින් ලැබුණු සාම්පල 43 ක් ගැන දීර්ඝව පරීක්ෂණ පැවැත්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කිව්වා ඕක ස්ථිරවම හඳුනා ගන්නවා කියලා... දැන් ඉතින් බෙහෙත් විදන් රට ඉඳන් එන අයත් මුදල් ගෙවා හෝටල්වලට දාලා ගසා කෑම පටන් ගන්න.
මට මතකයි මිට මාස කිහිපයකට කලින් බ්‍රිතාන්‍යයේ පැතිරෙන මෙම ප්‍රබේදය ගැන WHO සංවිධානය අනිත් රටවල වලට අනතුරු ඇඟවුව එකෙන් රටවල් විනාශ වෙන්න පුළුවන් කියල , රජයේ නොසැළකිල්ල හින්ද තමයි මේක රටට ඇතුළු වුණේ.
මොන වයිරසය ආවත් අපේ සර් ගම සමඟ පිළිසදර නවත්වන්න වෙන්නේ නෑ
හා එංගලන්තයේ එකද එහෙම නම් කමක් නැහැ එංගලන්තයේ නේ කොච්චර ආඩම්බරයක්ද ?
ප්‍රභේදය දැන ගැනීමෙන් තිබෙන වාසිය කුමක්ද? වයිරස් ප්‍රභේදය අනුව ගතයුතු විශේෂ ක්‍රියා මාර්ග තිබේද?
අපරාදෙ මේ එංගලන්තේ එකනේ.. මේ අලුත් ශ්‍රී ලංකා ප්‍රභේදයක් වුණා නම් අර පහුගිය කාලේ ඉදිකළ ගුවන් තොටුපළට, වරායට දමපු නායක තුමාගේ නමම දමාගන්න තිබුණා. දොස්තර මහත්තයා වැඩේ කෑවා..
විශේෂඥ ප්‍රතිචාර සහ අදහස් මුල සිට අගටද, අග සිට මුලටද කියෙව්වෙමි. පුදුම දැනුම් සම්භාරයක්... එ් නිසා ලිපිය කියවීමෙන් ඵලක් නැත...
අනේ වාසනාවන්... මොන වසංගතය හරි කමක් නැහැ... සුද්දන්ගෙන් නම්..
මේ ලැබුණු දේවල් තව මදි කියලා සජී පුතා නම් ඒ ගොල්ලෝ අක්කලා සාකච්ඡා පවත්වනවා. නිකන් නොවේ වැඳගෙන...