
(ජේ.කේ.එල්. චාමින්ද)
බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි ඇත.
ලබාදි ඇති ටැබ් පරිඝණක වල වටිනාකම රුපියල් පනස්අටකෝටි,අනුලක්ෂ,තිස්පන්දහස්,හත්සියපනස්අටකි. (589,035,758) ආරෝපිත2 රාක්කවල වටිනාකම රුපියල් අටකෝටි, අසුදෙලක්ෂ,හැත්තෑපන්දහසකි (88,275,000)
ටැබ් පරිඝනක උපයෝජනය කර එහි ප්‍රතිලාභ සිසුන්ට ලබා ගැනිමට හැකිවන ලෙස අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශයන් ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ඉගෙනුම් ඉගැන්විමේ ක්‍රියාවලියට තාක්ෂණය බද්ධ කිරිම ඔනෑම පාඩමකට නොයෙක් අයුරින් සිදුකළ හැකිය. මේ පිළිබද ගුරුභවතුන් තවදුරටත් දැනුවත් කරණ බව අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත.
2017 වර්ෂයේ අයවැය යෝජනා අනුව උසස්පෙළ ගුරුවරුන්ට හා එම විෂය උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබාදිමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ටැබ් පරිඝණක 96,919ක් සහ ආරෝපිත රාක්ක 2639ක් මිලදි ගෙන තිබුණි පසුව මෙහි අරමුණ වෙනස් කර .06 වසර සිට 11 වසර දක්වා සිසුන් වෙනුවෙන් ටැබ් පරිඝණක ලබාදි තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගැන්වීමට ගුරුවරු පුහුනු නොකර මුලින්ම කොමිස් සදහා භාණ්ඩ මිලට ගන්න ඇති එහෙම වුනානම් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න බැහැනේ . ( ඊළගට ඔය වාර්තා සැකසූ ආයතනයේ සිටින පිරිස් අතරින් 99.99% දෙනෙකුම වත්මන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීන් බව එහි වැඩකල මෙවර මැතිවරණ අවස්ථාව ක්‍රියාකාරීව කටයුතු කල කෙනෙක් කියනවා අහලා තියෙනවා) අපේ අත්දැකීම් අනුවනම් ඔය වාර්තා හා විමසුම් 100% ට 100% නිවැරදි නැහැ
පාසල් සිසුන්ට ඇත්තටම අවශ්‍ය මොනවාදැයි නොදන්නා, විශේෂයෙන්ම ඈත ගම් දනව් වල කෑම වේලක් වත් සපයා ගත නොහැකි පාසල් දරුවන් සිටිනා රටක ඔවුන්ගේ ඒ මූලික අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට කොළඹින් පිට ඈත පාසලකට පයවත් නොතබපු අමනෝඥ්ඥ පාලකයින් විසින් ගත් තවත් එක් අමනෝඥ්ඥ තීරණයක්.
කොමිෂන් ගන්න හින්දයි මේවගේ වැඩ. මහ මෝඩ තකතීරුවන්. මේ ටැබ් දෙන එකේ මෝඩකම ගැන ලියන්න පුළුවන් පිටු 500ක රචනයක්...