
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව නිසා නාය යමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානි නිසා උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස හතරක් තිස්සේ තවමත් එම ස්ථනයේම නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
කොළඹ සිට මහනුවර නාවලපිටිය හරහා නානූඔය බලා ධාවනය වූ එම දුම්රියේ මැදිරි නමයකි, වායූ සමනය කළ මැදිරිරියක්ද තිබේ.
එන්ජිම පමණක් රුපියල් කෝටි 20 ක් පමණ වටින , අතර මුලු දුම්රියේම වටිනාකම රුපියල් කෝටි 70 ක් ,පමණ වන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
මෙම දුම්රිය අලුත්ම තත්ත්වයේ එකක් වන අතර ,දුම්රිය මාර්ගය ඉතා බරපතළ ලෙස නායයාමෙන් අබලන් වී තිබෙන බැවින් ,මෙම දුම්රිය කිසිදු දුම්රිය ස්ථානයකට ගෙන යා නොහැකි බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
දෛනිකව රුපියල් ලක්ෂ 04 ක ආදායමක් ලබන මෙම දුම්රිය මෙලෙස ධාවනය අකර්මණ්‍ය වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව රුපියල් කෝටි ගනනකි.
මෙම දුම්රිය නවතා තිබෙන දුම්රිය මාර්ගය පිහිටි උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ බරපතළ ලෙස සිදුවී තිබෙන නායයාමෙන් දුම්රිය මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd