IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.

මෙම එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී ඇතැයි කී ඇමතිවරිය මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවද සඳහන් කළාය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැතැයිද වන්නිආරච්චි මහත්මිය කීවාය.

කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවත් එන්නත්කරණය තුළ ඇතිවිය හැකි කලාතුරකින් ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරනය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් පැවසුවාය.

දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.

ඇය මෙසේ පැවසූයේ පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (14)

‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘

Terrie Wednesday, 21 April 2021 09:56 AM

ඔයා නොදන්න දේ්වල් කියන්න ගිහින් වරිගේ නහගන්නේ නැතුව නිශ්ශබ්දව ඕන දෙයක් වුණාවේ කියලා හිටියා නම් නේද හොඳ

:       90       46

රමනිThursday, 22 April 2021 08:49 AM

සජිත් ප්‍රේමදාස මහතා අහපු ප්‍රශ්නයට උත්තරයක් නොදුන්නා නම් නේද වැරදි..? එතුමා ප්‍රශ්නය අහපු එකත් වැරැද්දක් කියලද දැන් කියන්නේ...?

:       0       11

jayath Wednesday, 21 April 2021 10:21 AM

හප්ප්පේ එන්නත් පිළිබද විශේඥ තුමිය ! ඔයා මොනවද අනේ එන්නත් ගැන දන්නේ ඔබතුමිය අර මුට්ටි වීසිකරමින් . පැණි බෙදමින් ඉඳල වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම හින්ද මෙලෝ එළිය බලන්න වාසනාව ලබපු කෙනෙක් නෙව වෙච්ච දේ ගැන අහල යම් කනගාටුවක් අනුකම්පාවක් ඒ දවස්වල ඇති වුණා එක නැතිකර නොගෙන නොදන්නා දෙමළෙට නොගිහින් කට පියාගෙන ඉන්න මැතිනිය

:       50       63

mehindi Wednesday, 21 April 2021 01:48 PM

ඒ් කාලේදිම ලොක්ඩවුන් කරානම් අද මේ දුක විඳින්නේ නැහැනේ.. දැන් ඉතිං වෙච්ච දේට... එන්න සෙයිවදු කියලා තමයි කියන්න වෙන්නේ.. අනේ මැඩම් ඔබතුමිය මේ පව කවදා ගෙවන්නද...?

:       24       2

sampath Wednesday, 21 April 2021 02:04 PM

මමත් හිතන්නේ ඔය විද්‍යාත්මක දේවල් ගැන දේශපාලනය කරන අය කියන්න ගියාම අවුලක් හැදෙනවා. ඒක වෛද්‍යවරු කියයි. කෙටියෙන් උත්තරයක් දෙන්න තිබුණා. ඒක නිශ්චිතවම කියන්න බැහැ... අපි පරීක්ෂණ කරනවා කියලා...

:       11       9

බද්රානි Wednesday, 21 April 2021 04:23 PM

අනේ පව් ඒ මිනිස්සු. අපි මේ බලාගෙන ඉන්නේ අර පැණිය බීපු මෝඩ රැල මැරෙනකල්?

:       28       3

subani Thursday, 22 April 2021 04:02 AM

මෙච්චර දවසක් සද්ද නැතිව ඉඳලා දැන් ඕවා කියන්නේ ජනතාවට තියෙන ආදරේට නෙමේ, චීන එන්නත හොඳයි කියලා පෙන්වන්න.

:       10       8

Ekanayake Thursday, 22 April 2021 04:09 AM

දෙවැනි එක නෑ කයිවාරුව තමයි. එකටයි වහෙන් ඔරු ගේම ගහන්නේ.

:       10       7

siri Thursday, 22 April 2021 08:43 AM

අසාධිතයින්ට එළමුත්‍ර මුට්ටි කැළණි ගඟේ නාගලෝකයේ දොරටුව කිට්ටුවට අතඅරින්න සලස්වලා බඩ පිරෙන්න පැණිය පෙව්වා නම් ඔය නස්පැත්තිය වෙන්නේ නැහැනේ නෝනේ...

:       28       2

banda Thursday, 22 April 2021 12:23 PM

පහුගිය උත්සව සමයේ ජනතාව පිස්සු කරපුවගේ ප්‍රතිඵල දැන් ලැබෙනවා නේද?

:       1       7

hesaSaturday, 24 April 2021 07:17 PM

කොත්ත මල්ලි,මී පැනි බීල මිනිස්සු මැරුණ කියල අහල තියෙන්නෙ කවද්ද..ඔය මොන තරම් කටු ඇන්නත් කවුරු කවුරුත් ගෙදර දි බොන්නෙත් ඒවා තමා..

:       0       0

sampath Thursday, 22 April 2021 02:27 PM

මම නම් කියන්නේ මොන දේ කළත් රජයේ නිලධාරීන් ටිකයි, ආරක්ෂක අංශවල අයයි... මී පැටව් වගේ ටෙස්ට් කරන්න දෙන්න එපා. අපි කිසිම රටක් විශ්වාස කරලා මේ වගේ අවස්ථාවක වැඩ නොකළ යුතුයි. පැණියට බැන්නට පැණි බීලා කාටවත් බඩේ අමාරුවක් වත් හැදුණේ නැහැ මොනවා වුණත්...

:       2       47

hesaSaturday, 24 April 2021 07:57 PM

ඕක තේරෙන්නෙ නැතුව නෙවේ..ලෝකයම ෆාමසි එන්නතට මුල් තැන..කොත්ත මල්ලි මුසු මී පැනි කවද්ද ශරීරයට විස උනේ. ලෝක සුව ඔසු හල බය වෙන්න ඇති මේ පුංචි දිවයින ලෝක ප්‍රසිද්ධියට පත්වේය කියලත්, පැනියෙන් මේ වසංගතය තුරන් වේය කියලත්..එහෙම වුණා නම් ව්‍යාපාරය හබස්..නෙ ඒකයි..

:       0       0

victor Thursday, 22 April 2021 06:51 PM

රුසියාවට මගෝඩි කතා කිව්වට ස්පුට්නික් එන්නත ගත්තු කවුරුත් තවම මැරුණේ නැහැ.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site