
(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.
බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජත් ජනතාවත් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
රටේ ඇති බලවත්ම දේශපාලන බලවේගය වන සමගි ජන බලවේගය කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවට ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
කාන්තාවන් විශ්‍රාමිකයන් ඇතුලු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලුවලට විසදුම් දිය යුතු බවත් මැතිවරණ පසුබැමකට ලක් වුව කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ප්‍රශ්න සහ අභියෝගවලට සැම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු බවත් සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ එය බවත් ඔහු කීවේය.
සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් පසුබැමකට ලක් වුවත් නැවත ගොඩනැගී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටිහය.
COMMENTS
ඔබතුමා එදා මෙදා තුර විසාල සේවයක් ජනතාවට කරා එය ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලබෙවා ! කිසිම කෙනෙකුගෙ කිවුම් අහලා හොරුන් හා ඔබ්තුමාට අවලාද මඩ ප්‍රහාර එල්ල කරලා චරිතය කෙලෙසන්න වැඩ කරපු අයව නැවත පක්ශෙට ගන්න එපා ඔවුන් සමග සන්දාන ගත වෙන්නත් එපා !
ඔබල මෙච්චර කාලයක් ජනතාවට කරපු සේවය අර තියෙන්නෙ ගෝල් ෆේස් එකේ හොදට කරල තියනව. ඒක අපට පේනව. ඔබල නිකන් බයිල ගහන්නෙ නැතුව පාඩුවෙ ඉදපල්ල .ආයෙ ඔබලට එන්න වෙන්නෙ නැහැ .මලාට තනකොල කකා ඉන්න
සමන් ශාන්ත ඔයා හිතුවද මේ 88/89 කියලා චණ්ඩි පාට් දාන්න.. බොරු මෝටර් රථ සංදර්ශන 1994, 2015ත් තිබුණා. ඔයා කවුද අනේ? රටේ ජනතාවට තර්ජනය කරන්න.
සමන් ශාන්ත චණ්ඩි පාට් දාන්න එන්න එපා... මේක 87/88/89 නෙවෙයිනේ... අනෙක ඔයාගේ නායකයත් හැමෝටම මුක්කු ගහපු කෙනානේ...
ඔබතුමාට හොඳ දැක්මක් තියෙනවා... රටට වැඩක් කරන කෙනෙක් කියලත් අපි දන්නවා... නොපසුබට නොවී ඉදිරියට යන්න. තක්කඩි දේශපාලුවන් එක්ක නම් සන්ධාන ගහන්න එපා. එසේ වුවහොත් ජනතාව ඔබතුමාත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා නියතයි...
අයියෝ ගාලු මුවදොර සංදර්ශනයෙන් ඔයාලා නාගත්තා නේද?
ඔබතුමා දුප්පතාගේ එකම බලාපොරොත්තුවයි නොසැලී ඉදිරියට යන්න කම්බ හොරුන් නම් ලන්කර ගන්න එපා...
ජනතාව ඔබතුමාට ආදරෙයි.. ඔබතුමා බලයක් නැතිව ජනතාව වෙනුවෙන් කරන වැඩ මුළු රටටම යහපතක් කළ ගුණ සලකන්නට ජනතාව එනවා..
අන්ත දූෂිතයො රැළක් පිරිවරාගෙන මේ එන්නෙ රට හදන්න ද? ජනතාවට සහන දෙන්න ද? කිසි ප්‍රතිපත්තියක් නැති, ජනතාවට පිළිකුල් කණ්ඩායමක් ගොඩනගා ගෙන බොරුවට පාරම් බාන්නෙ ආයෙත් රැවටෙයි කියලා හිතාගෙන ද? වත්මන් ආණ්ඩුවෙ වැරැද්දක් පෙන්නලා දෙන්න තරම් උගත්, බුද්ධිමත් සහ අදූෂිත එක් නියෝජිතයෙක්වත් නැති ව පාර්ලිමේන්තුවට රිංගන්න. පිනට කන්න බලාගෙන ඉන්න අයට නං ඉතින් දෙයියෙක් තමයි. තාත්තා වගා කරපු දුප්පත්කම, දූෂණය පුතා හොදට අස්වනු නෙලනවා. දුප්පතාගෙ හිතවතාගේ අරමුණ වෙනයි මෝඩයාගෙ හිතවතාගේ අරමුණ වෙනයි කියන එක තේරුම් ගන්න තරම්වත් මේ රටේ මිනිස්සුන්ට බුද්ධිය පෑදේවා.!