(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ආපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබාදෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවට එම එන්නත් ඇණවුම ලබාදීම ඔවුන් විශේෂ සැලකිල්ලට ලක්කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇණවුම් කළ එන්නත් ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක ප්‍රමාණයක් මේ අනුව ඉදිරි දිනවල ලැබීමට නියමිතව තිබෙන බව ද පවසයි.
එය නොලැබුණත් මැයි මාසය වන තෙක් එන්නත්වල හිඟයක් නැතැයි ද ඔහු කියයි.
COMMENTS
නොදී මොනවා කරන්නද? අහක දාන්න වෙනවනේ...?
මා දන්නා තරමින් අැස්ට්‍රා සෙනිකා රටවල් ගණනාවක් තහනම් කරලයි තියෙන්නේ එන්ගලන්තයේ පවා...
එන්නත දුන්නත් නැතත් බයවෙන්න දෙයක් නෑ... අපේ රාජ්‍ය ඇමතිතුමෝ. ඒවා මේ දෙවෙනි පෙළ ප්‍රතිකර්මනේ. එන්නත ලැබුනේ නැත්නම් පුදුමාකාර වෙහෙස මහන්සියක් වෙලා ඔබතුමා අර දවස්වල මේ වසංගතය තුන් ලෝකයෙන්ම සදහටම නැති බංගස්ථාන කරන්න පුළුවන් එකම බෙහෙත හැටියට උදේ හවස ප්‍රවර්ධනය කළ ආණ්ඩුවේ ලොකුලොක්කන්ටත් හිටගෙනම පෙව්ව පැණි බෝතල් සහ ගඟට හැලුව එළ මුත්‍ර මුට්ටි තියෙනවනේ. ආයෙත් සැරයක් ඒවා ඇදලා දාමු.
ඔව්,ඔව්, ඇමතිතුමෝ ප්‍රධානම රටවල් භාවිතය නවත්වන කොට අපේ රටවල්වලට වැඩි වැඩියෙන් ලැබෙනවා තමයි. යුරෝපයෙත් නැවත්තුවා ප්‍රථිපල අහිතකර නිසා. කොහොමත් අපේ ලංකාවේ පාලකයින් අති දක්ෂයි.. අනුන්ගේ කුණු බාර ගන්න. දැක්කනේ අවුරුද්දකට දෙකකට කලින් පිටරටවල ඉස්පිරිතාලවල විසිකරන කුණු කන්ටේනර් සිය ගාණක් ගෙනාවා. එහෙම එකෙ මේවා බෙහෙතක්නේ නේද ඇමැතිතුමෝ...? මේකත් මතක තියාගත්තොත් හොඳයි. රටේ ඉන්නේ තමුන්නාන්සේලා තරම් මොඩයින් නෙමෙයි කියලා.
අපනයනයනේ නතර කලේ..., දැන් ලංකාවත් ඉන්දියාවෙම කෑල්ලක් ලෙස හිතාගෙන ඇති... ඒකයි අපිට දිගටම දෙන්නේ...
"ඉන්දීය එන්නත නෑ, බ්‍රිතාන්‍යයෙන් එන්නත් ගන්න සාකච්ඡා ඇරඹේ." උගත්කමටත් නින්දාවක් නේද මෙහෙම බොරු....?