
(ඩයනා උදයංගනී)
ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්‍රියාවක් කරගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එහි ප්‍රතිඵල දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් රටට හිමිවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෙය රජයක් විසින් නොකළ යුතු ක්‍රියාවක් බව ද සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතව සිටි ජනතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
ආණ්ඩුවේ මෙහෙයවීම තුළ අහිංසක ජනතාවට එල්ල කළ ප්‍රහාරය ඉතා තුච්ඡ ක්‍රියාවත් බව කී හිටපු ජනාධිපතිවරයා එය පිළිකුල්සහගතව හෙළා දකින බව ද සඳහන් කළේය.
මෙම ප්‍රහාරය නිසා ඇතිවූ තත්වය තුළ අගමැතිවරයාට මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් ඉක්මනින්ම තනතුරින් ඉවත්වීමේ තත්වය ඇතිවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය..
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේ අපරාධ නීතිය අනුව අපරාධයකට හවුල්වීම මෙන්ම අනුබල හා ආධාර දීමත් වරදක් නිසා එයට අනුබල හා ආධාර දුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවයි.
එසේ කිරීමෙන් තොරව ජනතාව සන්සුන් හා සාමකාමී කිරීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ජනතාවට මැරයන් පහරදෙන තුරු පොලීසිය කිසිවක් නොකර බලා සිටීමත්, මැර පිරිස ගාලු මුවදොර දක්වා පැමිණෙද්දී නතර කිරීමට පොලීසිය කටයුතු නොකිරීම මෙන්ම හදිසි නීතිය දැමුවේ මහජන ආරක්ෂාව සඳහා නම් සාමකාමී විරෝධතාවයේ යෙදී සිටි ජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කැඳවීමට කටයුතු නොකිරීම ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී පැවසුවේ මෙම සිද්ධිය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් බවත්, එහි වගකීම භාරගෙන ජනාඡිපතිවරයාථ අගමැතිවරයා ඇතුළු රජයේ සියලු දෙනා ඉවත්විය යුතු බවත්ය.
ඔවුන් නීතිය ඉදිරියේ වරදක් කර ඇතැයි ද හෙතෙම පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
2025 නොවැම්බර් මස 04
10
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්‍රියාව කරගත්තා‘‘
Jagath Monday, 09 May 2022 08:30 PM
බලාගෙන ගියාම නන්දසේනට වඩා පැන්න කෙනා ස්මාට්....
Saththaya Monday, 09 May 2022 10:31 PM
අනේ මේ 2015 ජනතාව බලය ලබා දුන්නේ මේ රට දුෂණයෙන් ගොඩ ගන්න . ඔබ මොකද කලේ ? මේවාට සම්මාදන් වෙලා හැමදාමත් සර් කියනවා කිව්වා කෙනාව කපන්න අහවලාට උදව් කළා . අන්තිමට රටට වෙච්ච දෙයක් . අපි කොහොම හරි කාල බීල ජීවිතය ගෙනිච්ච . බංකොලොත් වෙන්න ගිය රටයි බේරා ගත්තේ . දැන් ???? රටට ගිය කලක් . ඔබ වග කියන්න ඕන නේද ?