IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී එලෙස කටයුතු නොකිරීම නිසා  මුලතිව් හිටපු දිසා විනිසුරුවරයා  එම සිද්ධියේ වගකීම බාරගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය.

සිද්ධියේ වගකීම ආණ්ඩුවේ  ගිණුමට බැර කිරීමට උත්සාහ නොදැරිය යුතු බවද  අමාත්‍යවරයා කීවේය.

මුලතිව් දිසා විනිසුරුවරයාට යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් විදේශයකට ගොස් ලියුමක් එවමින් ඒ බව දැනුම්දීම ප්‍රහේලිකාවක් බවත්  එවැනි බලපෑමක්  තිබුණේ නම්
සිතාසි නිකුත් කර එලෙස බලපෑම් කරන පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  බලය   තියෙන්නේද විනිසුරුවරුන්ටම බවත්  ඔහු පැවසුවේය.

එවැනි බලයක් තිබිය දී ඔහු එම බලය  පාවිච්චි නොකළේ මන්දැයි ප්‍රශ්නයක් බව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි



 

 



අදහස් (7)

‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’

Rata Perata Tuesday, 03 October 2023 11:57 AM

ප්‍රශ්න කලානම් වෙන දේ ගැන දන්නේ නෑ වගේ ඩීල් දාස කතා කරන්නේ .හොර බෙහෙත් ගෙන්නලා මිනිස්සු මරපු කෙහෙලියට විශ්වාසභංගයක් ගෙනාපු වෙලාවේ මිනිස්සුන්ට විරුද්ධව ඇත උස්සපු එකෙක් මේ

:       0       0

fairoos Tuesday, 03 October 2023 12:49 PM

අනේ ඔව්,ආණ්ඩුව කිසිම දේකට වගකියන්න ඕන නැහැ

:       0       0

රිෆාන් Tuesday, 03 October 2023 12:58 PM

මෙම පුවත කියවා මා හිනා නොවුණූ බව දිවුරා ප්‍රකාශ කරමි.

:       0       0

කිරිපුතා Tuesday, 03 October 2023 01:08 PM

පවතින ආණ්ඩුව විශ්වාසත් නෑ රට පැනපු විනිසුරුවරයා විශ්වාසත් නෑ. මොකක් වුණත් හොඳ දෙයක් නොවන අතර හොඳ මිනිසුන් ද නොවේ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 03 October 2023 03:28 PM

ඒකත් මරු ඕයි, දැන් තමන්ට පහර හර දුන්නා කියලා කවුරු හරි උසාවියක නඩුවක් දැමුවිට නඩුකාරයාට කියන්න පුළුවන්, සිද්ධියේ වගකීම පැමිණිලිකරු භාරගත යුතුයි. තමන්ට අත් දෙකක් තිබෙනවා නේද චූදිතයට ප්‍රතිප්‍රහර දෙන්න එහෙම නැත්නම් කකුල් දෙකක් තියෙනවා නේද දුවලා බේරෙන්න, ඒදෙකම නොකර ගුටිකෑව නිසා සිද්ධියේ වගකීම යුෂ්මතා භාරගත යුතුයි. කියලා විත්තිකාරයා නිදොස්කොට නිදහස් කරයි.

:       7       16

උදේශ් Wednesday, 04 October 2023 03:13 PM

මෙතන සාමාන්‍ය කෙනෙක් ගැන නෙමෙයිනේ කියන්නේ. රජයේ නිලධාරියෙක්ට රාජකාරි කිරීමේදී බාධාවක් ඇතිකරනවා නම්, එය පැමිණිලි කිරීම ඔහුටම බාරවෙනවා...

:       0       1

Bamunuarachchi Wednesday, 04 October 2023 06:02 PM

විජේදාස මහත්තයෝ ඔබ හරියට හරි. විනිශ්චයකාරයෙක් හැටියට එයා හොඳටම දන්නවා පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණයක් නොකෙරෙන බව... වෙච්චි සිද්ධි වලින් පෙනෙන්නේ මෙයා කලින් නොදන්වා සේවය අත්හැරයාම නිසා ඇතිවෙන repercussions වෙන අතක යවන්න කරපු මගඩියක් කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site