IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ඒ සම්බන්ධයෙන්  මිතුරකු  තමාට ඡායාරූප පවා ඒවා ඇතැයි ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමග පැවති සාකච්ඡාව  සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.

මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ මිලියන දහදාහක් ආයෝජනය කර ඇතැයිද  ඔහු කීවේය.

මයිනා, වෑල්ඩින්  නන්දෙ, මොළ හතා වැනි ප්‍රකාශ ජනතාව අද කරන්නේ පාලකයන්ට ඇති බරපතළ විරෝධතාව නිසා යැයි පැවසු අබේසිංහ මහතා  වර්තමාන පාලකයන් ණය මත යැපෙන ආර්ථිකයක් නිර්මාණය කර ඇතැයිද  චෝදනා කළේය

රජයේ විවිධ රටවල් වලට ගොස් සිඟා කන බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැජික් කාරයකු නොවන බවත්  ඔහු කීවේය.

ණය ප්‍රතිව්‍යුහගත  කිරීමට මූල්‍ය උපදේශකයන් තවමත් පත් කර නැතැයි චෝදනා කළ අබේසිංහ මහතා  චීනය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ වැඩපිළිවෙළට එකඟ නැතැයි දැනුම්දී ඇති බවද  ප්‍රකාශ කළේ‍ය.

රාජපක්ෂවරුන් කියන්නේ හිරේ සිටිය යුතු පිරිසක් බවත් එවැනි තැනක සිටිය යුතු ඒ පිරිස නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේදී ගේම් එකක් ගැසූ බවත් ඔහු  කීවේය.

රටපුරා ජංගි එල්ලීමට පටන් ගෙන ඇත්තේ  ආණ්ඩුවට එරෙහි විරෝධය බලවත්වීම නිසා බව පැවසූ  අශෝක් අබේසිංහ මහතා  මිනිසුන් මේ අයගේ ජංගි ගලවන දිනය වැඩි ඈතක නොවන බවත් සඳහන් කළේය.



අදහස් (4)

‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘

ජුනයීඩ් Friday, 06 May 2022 05:00 PM

සජබෙ ඉන්න ළදරු මානසික ගොබ්බයින් තමයි මේ. මේවා නොදන්නවා වෙන්ට බෑ. 1977 ජේ.ආර්. පටං ගත්තු වැඩේ වත්මන් පාලකයින් පිට පටවන්න හදන, මේ තරම් කට්ට කයිරාටික තුච්ඡ දේශපාලකයින් ලංකාවට නැවත බිහි නොවේවා යන්න මහජන පැතුමයි.

:       1       7

LalllaFriday, 06 May 2022 11:11 PM

මානසික රෝග තත්ත්වය උග්‍ර වෙලා....

:       0       1

sujeewa Friday, 06 May 2022 07:28 PM

මේ සජබෙ හිතාගෙන ඉන්නෙ අපි ගිය සතියේ උපන් අතදරුවෝ කියලා.. ඒකනේ මෙහෙම කතා කරන්නේ, මේ පාදඩයින් 77 ඉඳන් කන්න පටන් අරං කාගෙන කාගෙන ඇවිත් දැන් කියනවා මෙන්න මේ ගොල්ලන් තමයි ණය මත කන්න ආර්ථිකයක් ඇතිකළේ කියලා, මේ අයට අමතක වුණේ කොහොමද? අන්තිමට මේ අය 2015-2019 කාලේ කළේ මොනවද කියලා? අඩුම ගානේ පාරක වලක්වත් වැහුවාද ගත්තු ණයවලින්? මහබැංකුව හොරාකාලා කට්ටිය බෙදාගත්තා, මේ අය හොරු අල්ලන්න කියලා ඇවිත් මෙයාලාම හොරාකෑවා..

:       1       0

චන්දන Saturday, 07 May 2022 07:18 AM

බබා කතා එපා. සේරම මේවාට වග කියන්න ඕනෑ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site