
(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය
තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය
පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් පැවසීය
ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම සදහාත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
ඔයා ඉල්ලුවාට දිනන්නෙත් නෑ. ෆිල්ම් එකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන්... ඒක සම්භාව්‍යද, කොමඩිද කිව්වොත්..!
ඇත්තටම දැං මේ බ්‍රීඩ් එකේ බලුපැටව්වත් ගෙවල්වල හදන්න ගන්නේ නෑ. ඉතිං ආයේ පාර්ලිමේන්තුවට මොකටද?
හා! හා! එහෙම කරන්න එපා. ඉල්ලන්න ඉල්ලන්න. හම්බුවෙයි හොඳවයින්ම. නිකම් මහන්සි වෙන්න එපා. අපි ලියලා දෙන්නම් ඔය ආචාර්ය උපාධියට ඕනි කරන නිබන්දනේ. අපිට නම් තාම මතකයි 80 ගණන් වල ලොරි ගණන් ටෝක් දීල කැරට් අල ලොරි පිටින් ගෙනත් දීලා රට මහා සංවර්ධනයකට ඇදගෙන ගිය ලස්සන. ඒ කතාවම ඇති හොඳ චිත්‍ර පටියක් හදන්න. දාන්න ඒකට නම පඥා බන්දු කියලා. ඒක නිසා නිකම් වාත වෙලා යන්න යන එක නරකයිනේ. ඉන්න ඉන්න තව.
හොඳ අදහස ඉල්ලුවත් ඇපත් නැතිව පරද වෙනවා ලොක්කා , ජ වී පෙ ඡන්දෙට කලින් පොරොන්දු වුණ ආකාරයට වැඩ කලොත් ලොක්කට හිරේ ඉඳන්ම අර රන්ජන් කලා වගේ උපාදිය හදාරන්න කාලවේලා හොඳටම තිබෙනවා , චිත්‍ර පටි නම් හදන්න වෙන එකක් නැහැ , අනෙක් හිරකරයොත් එක්ක එකතුවෙලා එක ඇතුලේ වෙසක් , පොසොන් වලට පොඩි නාට්‍යක් නම් කරගන්න පුලවන් වේවි.
හෝමාගම ඡන්ද ටික ජනාධිපතිවරණයේ දී අනුරට ගියපු හැටි දැක්කම ඉතින් කරපු සේවය හිතාගන්න පුළුවන්.
ඉල්ලලා පරාදවෙලා සවුත්තු වෙන්නේ මොකටද කියලා හිතුනද? මොනව වුණත් හොඳ තීරණයක්.
අපි ආසයි ඔයා පරදිනවා බලන්න.
අනේ ඇයි එහෙම කරන්නේ. ඔබ කුජීත වෙන්න පරදින හැටි බලා සතුටු වෙන්න බලා හිටිය අපේ බලාපොරොත්තු කඩ කරන්නේ මොන හිතකින්ද මහත්තයෝ...!
දන්නවා පරදින බව .පැත්තෙන් පැත්තට පැන පැන හොරා කැපුවා ඇති හොඳටම
අයියෝ බන්දුල, මැතිවරණෙට ඉල්ලන්න අප්පා. එතකොටනෙ සර් ඔය උඩින් කියල තියෙන, කරපු සේවාවන්වලට රටේ ජනතාව කෘතගුණ සලකන්න අවස්ථාවක් ලැබෙන්නෙ. අර රු. 2500 න් මාසයක් කාපු ජනතාවත් කොළඹ දිස්ත්‍රික්කයට ඇවිත් මනාපෙ දෙයි මයෙ අම්මා....කොහොමටත්, ආපහු දියවන්නාවට නාවට, ඔබතුමාගාව දැනට තියෙන ධනය පරම්පරා 10 කටත් සුපිරියටම ජීවත්වෙන්න පුළුවන්...රජයට අයත්ව තිබු වාණිජ වටිනාකම් වැඩි ඉඩම් බොහොමයක් දැන් ඔබතුමා ගාවනෙ?
ඒක හොදයි නැත්තම් තමුසෙට වෙන්නේ හක්ක පූට්ටු වෙලා බොක්ක හැකිලිලා කුල්ල කූජීත වෙලා යන්නයි.
ඔයාට කවුරුවත් කැමති නැහැ ඒ නිසා ගත්ත තීරණය ඔයාට හොඳයි .හොරකම් කරලා නැත්නම් ඉතින් ගොඩ
කොරෝන හැදිලා රට බංකොලොත් වෙලා තිබෙන අවස්ථවේ අනවශ්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියක් හදල එකෙනුත් කොමිස් ගහන්න ගත් උත්සාහය වැළකිලා ගියේ අවසාන මොහොතේදී සිදුවුන ක්‍රිකට් ලොවේ ප්‍රභූ වරුන්ගේ සහ ජෙෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මැදිහත් වීම මත , කොපමණ වැඩකලත් , කරලා තිබෙන්නේ කොමිස් ගැසීම , පගා ගැසීම වැනි හොරවැඩ ඉලක්ක කරගෙන නම් , ඉදිරියට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ ලොක්ක , දැන් 80 , 90 දශකය වගේ නොවේ , පාවෙන චන්ද ප්‍රමාණය ලෝකයේ දියුණු රටවල මෙන් ලංකාවෙත් 50% ට වැඩිය , බහුතරයක් මිනිස්සු පක්ෂේ පාට බලාගෙන චන්දෙ දෙන්නේ නැහැ , බලන්නේ පක්ෂේ ප්‍රතිපතිය සහ අපේක්ෂකයාගේ අවංක කම , කාර්යක්ෂම භාවය සහ උගත්කම වගේ සාධක , හොරු සමග හිටගතොත් වර්තමාන පාලකයන්ටත් සිදු වන්නේ ගෙදර යන්න
ආවත් වැඩක් නැති බව දන්නවා.. පහුගිය කාලේ යහමින් හරිහම්බ කරගත්තුවා එහෙමත් තියෙන නිසා ප්‍රශ්නයක් නැතුව ඇති...
මාලිමාවට ජයවේවා .බයේ පැනලා යනවෝ
තව ටික දවසක් යනකොට තමන් මේ රටට කරපු බලු වැඩ මතක් වෙලා විදවයි. තොපි මේ කරපු අපරදෙට විඳවලම තමයි මැරෙන්න ඕන
අයියෝ , මෙයාගේ බෝක්කු කට මිස් වෙනවා .සිනමා කර්මාන්තයට අබ සරණයි මෙයා ආවොත්
එක එක පැත්තට පැන පැන නාකියෝ පුම්බන ඔය කටෙන් මොන තරම් බේගල් ඇදබාන්න ඇතිද? දකිනකොටත් අප්පිරියාවයි මුන් ටික.
මා අකැමැතිම දෙසපාලුවන්ගෙන් එකෙක්. දුර දක්නා නුවනින් වැඩක් කරා නම් ඒ තමයි සමුගැනීමේ තීරණය. උඹලාගේ බොරලුගොඩ නරියාට වෙන්නෙත් හැමෝටම වෙන්න යන දේ තමයි .
කළකිරිලා නම් සසුන්ගත වෙන්න. ඊට පස්සේ සාසනෙත් ඉතිරි වෙලා තියන ටික කාලා දාන්න... නිවන් දකින්න කළින්...
ඔයාලා නැවත දිනන්නේ නෑ. ලංකාවේ දුප්පත් මිනිස්සු තවත් මෝඩ නෑ...
මූ ටියුෂන් පන්ති කරන කාලයේදීත් කළේ බොරුවෙන් ළමයින්ව රවටපු ඵක.
අනේ බන්දුල නොදති මොක් පුර.
පරදින බව දන්නවා කරපු කෙන් ගෙඩියක් නෑ.. අන්තිම කොමිස් එක මිස් වුණා නේද? දූෂිතයින්ගේම කෙනෙක් විතරයි...!
අපිට නම් ඔයාලා ගැන කළ කිරිලා ගොඩක් දවස්...!
මොහු නිෂ්පාදනය කළ චිත්‍රපට විශිෂ්ඨ ඒවා.., ඒක මොහුගේ දේශපාලනයට ගාවාගන්න ඕනෑ නෑ. සුනාමි වෙලාවේ ආරුගම්බේදී හැසිරුණු ආකාරය, පුතා මාතරදී හප්පලා කළ විනාශය අනුව මොහු කළ ජනතා සේවය පැහැදිලිවම පේනවා.
පැනෑටියන හරහා වැලිගම අකුරැස්ස බස් එක අකුරැස්ස ඩිපෝවෙන් යලට මහට ධාවනය කරවලා පාඩු ලබන තත්වයට පත්කරවලා බස් සේවාව අඩාල කළේ මෙයා ප්‍රවාහන ඇමති කාලේ. අපි ඒ ගැන කියන්න මෙයාට කතා කරන්න උත්සාහ කළා. කිසිඳු අවස්ථාවක මෙයා දුරකථනයට ආවේ නැහැ. ඒ වගේම තමයි මෙයාගේ ලේකම්ල ටිකත් කවදාවත් දුරකථනයකට පිළිතුරු ලබා දුන්නේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි අමානුෂික පුද්ගලයෙක් මෙයා. ඒ වගේම තමයි මෙයාගේ ලේකම්ල ටිකත්... ඒ නිසා බන්දුල ඔයා දේශපාලනයෙන් සමුගන්න එක අපට සතුටක් සුබ ආරංචියක්. හැකි ඉක්මණට ගෙදර යන්න. ආ... ඒ ගමන්ම මතක ඇතුව ඔයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සෙට් එකත් අරගෙනම යන්න. වැඩක් කරන්න පුළුවන් කණ්ඩායමක් ඉස්සරහට ඒවි. මහජන මුදලින් වැටුප්, වරප්‍රසාද ලබාගනිමින් මිනිසුන්ගේ ප්‍රශ්න වලට සවන් නොදුන් ඔයා වගේම ඔයාගේ කාර්ය මණ්ඩලය දේශපාලනයෙන් සමු ගන්නා ආරංචිය ගැන අපට නම් තිබෙන්නේ ලොකු සතුටක් ආයෙත් කියනවා. බන්දුල ඔයාගේ බත්බැලයින් ටිකත් අරගෙන ඉක්මණට ගෙදර යන්න...
මම ඔබගෙන් උසස් පෙළට ඉගෙනගත් කෙනෙක්. මුලින්ම අපේ සර් කියලා මේ පැත්තේ අපි සහ දෙමාපියන්, නෑදෑයින් පවා ඔබට ඡන්දෙ දුන්නා. අපේ සර්ට ඡන්දේ දෙන්න කියලා අපි කිව්වේ. ඔබ වෙනස් වුනේ රාජපක්ෂ හැතිකරේ වෙනුවෙන් කඩේ යන්න ගත්තු දවසේ ඉඳලා. එදායින් පස්සේ අපිට ඔබ බන්දුල මිසක් බන්දුල සර් වුනේ නෑ. කිව්ව දේවල් දිහා බලද්දී ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් ඔබ දන්නවද කියලා හිතුණා.. ඒ තරමට ගොන් කතා කිව්වා. රට බින්දුවට වැටෙද්දීත් ඒක නොදැක්ක ඔලමොට්ටල කුහකයෙක් ඔබ. අවසන් ලෙස ඔබ ඉල්ලුවත් දිනන්නේ නෑ. එය ස්තිරයි...
ඔක්කොම දෑසට නොපෙනී යන්න.
ගෙදර යන්න.
ඔයාට කලකිරෙන්න දෙයක් නැහැනේ. පරම්පරා ගණනකට හම්බ කරගෙනනේ ඉන්නේ. ඒ වගේම දරුවන් තානාපති සේවයට, සංස්ථාවල තනතුරුවලට දැම්ම නේ. ඊළඟ මැතිවරණයට ඉල්ලන්නේ නැත්තේ දිනන්න බැරි බව දන්න නිසාත් ඔයා මැතිවරණයට ඉල්ලුවොත් කලින් වගේ කිසිම ව්‍යාපාරිකයෙක් ඔබලාගේ මැතිවරණ කටයුතුවලට වියදම් නොකරන නිසාත්. ඔයාලා කවදාවත් අතින් වියදම් කරන් මැතිවරණ කරන්නේ නැහැනේ. පුළුවන් නම් කලින්ම පරාජය බාර ගන්නේ නැතිව හම්බ කරපු ඒවායින් ටිකක් වියදම් කරලා මැතිවරණයට තරග කරන්න. අපිට ඔයාලා වගේ අය පැරදෙනවා දකින්න ආසයි. හැබැයි අවසාන තීරණය මැතිවරණය තරග නොකර ආචාර්ය උපාධියක් කිරීම නම් ආචාර්ය උපාධියට හොඳ මාතෘකාවක් දෙන්නම්. 'රුපියල් දෙදාස් පන්සීයෙන් මසක් ගෙවා ගන්නා ආකාරය'...
සාමාජිකයින් 4 දෙනෙකුගෙන් යුත් ඕනෑම පවුලකට මසකට රුපියල් 2500.00 කින් පහසුවෙන් ජීවත් විය හැකි බව ඔහු මහජනතාවට ඔප්පු කළා. එබැවින් ඔහු රටට ලබා දුන් ඊනියා සේවාවන් සඳහා ඔහුගේ විශ්‍රාම වැටුප ලෙස රුපියල් 2500.00 ක් ජනාධිපතිවරයා අනුමත කරයි.
ඉදිරි මැතිවරනෙදී කොළඹ දිස්ත්‍රික්කේ තාප්ප පුරා මූණු දකින්න නැති එක නම් ලොකු දෙයක්...
සුනාමි වෙලාවේ දහසක් මිනිස්සු පණ අදිද්දී දූලා දෙන්නා හෙලිකොප්ටරේ දාලා කොළඹ එව්වා. ඒවායේ සාපය පමාවී හෝ පලදෙනවා...!
ඉල්ලුවොත් මෙතුමා දිනයි... ඒත් ඉතින් නිකම්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ නොවැ ඉන්න වෙන්නේ... ඇමැති කෙනෙක් වෙලා ඉඳලා ආයි මොකටද නිකන් මන්ත්‍රි කෙනෙක් වෙන්නේ..?
කවුරු ඉල්ලුවත් රට බංකොලොත් කළ පාහර හොර නඩයට නැවතත් ඡන්දය දෙයි කියලා හිතනවාද? ඇපත් රාජ සන්තක වෙනවා.
අපිත් ඉන්නේ ඔබගැන දැඩි කළකිරීමකින්...
හෝමාගමින් සිලින්ඩර් කල්ලියට දුන්නේ අපි රෙදි නැතිවෙන්න.. ආයේ එන්න අලියා පිටේ... දෙන්නම් දොඹෙන් යන්න...
හාල්පිටි කිලෝ එකෙන් ඉදිආප්ප 300ක් හදන්න පුලුවන් කිව්වේත් මේ ආචාරියාම තමයි...!
දේශපාලනයෙන් අයින් වුනා නම් පාඩු වේ ඉන්න පන්තියක් කරන්
තරග කළොත් මොවුන්ට අන්ත පරාදේ ලැබෙන්නේ කියලා දැනගෙන මේ හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන පැනලා. ඔන්න ඔහේ සුදුළූණු මල්ලක දීපල්ලා... ගෙදරට වෙලා හප හප ඉන්න කියලා... මෙයා නේද කිව්වේ රුපියල් 2500කින් පවුලක් හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් කියලා. කොහෙන්ද දන්නේ නෑ මෙයා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ?