IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ඉරිදා වුනේ  රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා යැයි කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුලේ මෙන්ම පිටත් ඉන්න බවත් ඒ අය හොයාගන්නට  බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් කීය.
පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සොනික් සොනික් යන වචනයක් රැව් දුන් බව කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සොනික් යනු  බුද්ධි නිලධාරියෙක් බවද එය අන්වර්ත නාමයක් බවද පැවසීය.

ඉතා අසීරුවෙන්   ත්‍රස්තවාදී ජාලයට  සූක්ෂම ලෙස රිංගා තොරතුරු ලබා ගත්තේ ඔහු බව කී ප්‍රමිත බණ්ඩාර මහතා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් එසේ කළ බව ද කීය.

එම කාරණා තේරුම් ගන්න තරම් පරිණත පාර්ලිමේන්තුවක් මේ රටේ තිබිය යුතු යැයි  වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය  පිළිබඳ  සභාව කල් තැබීමේ විවාදයට සහභාගී  වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (8)

‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන්

මැක්ස් Thursday, 21 September 2023 07:48 PM

යහපාලන සමයේ සිදු වූ එම ත්‍රස්ත ප්‍රහාරයට මුලික වශයෙන් බලපෑවේ ඊට පෙර රජය විසින් පවත්වා ගෙන ගිය ඉතා ශක්තිමත් බුද්ධි සේවය යහපාලන විසින් විනාස කර දැමීමයි. එසේම, එකල රජ කළ යුඇන්පී, ජේවීපී, ටීඑන්ඒ, මුකො දේශපාලුවන්ගේ මුග්ධ ක්රියාකලාපයයි. රාජපක්ෂවරුන්ගෙන් පලි ගැනීම හැරුණු කල වෙනත් මෙලෝ වැඩක් නොකළ එම නොමේරු දේශපාලක අහින සහ උන්ගේ සහචර කුලී ලියන්නන් ඇතුළු මෙහෙකරුවන් යළිත්, රටේ කරුමෙට බලවත් වී සිටින නිසා රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ අයවලුන් කිසියම් පමණකට උකටලී වී ඇත. එම නිසා එවැනි ප්‍රහාර ඇති වීමට අවැසි පරිසරය නිර්මාණය වී ඇත. එසේම ඒවා රාජපක්ෂ ගිණුමට බැර කිරීමටත්, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව මහින්ද ගෝටා මහත්වරුන් කෙරේ ඇති ක්‍රෝධය නිසාම ඒවා කර තියාගෙන යන මෝඩ මිනිසුන් ද සිටින නිසා අන්තවාදී න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන ත්‍රස්තවාදීනට තමන්ගේ ඉලක්ක ලබා ගැනීම පහසු වී ඇත.

:       2       3

Nimal Thursday, 21 September 2023 08:28 PM

ඇයි මේ නම කියන්නේ? නික් නේම් එක වුණත් එහෙම කියනවද? නියම ආරක්ෂක ඇමැතියෙක්නේ ඉන්නේ...

:       0       1

C.K.Lankaputhra Thursday, 21 September 2023 09:06 PM

අනේ ඇමැතිතුමෝ! අපිට බයිලා කියන්න නම් එන්න එපා. දැන් රෙද්ද කැඩුවා වගේ ඔහෙලගේ කෙරුවාවල් එළියේ. ඉස්සරහට එන ඡන්දෙදී අපි ඔහෙලාට හරියට උත්තර දෙන්නම්. මේ අපේ වාරේ...!

:       2       1

Bamunuarachchi Friday, 22 September 2023 05:32 AM

බමුණුආරච්චි ඔයටික පුන පුනා කිව්වා. ඔහෙලා දැන්ද ඕක තේරුම් ගත්තේ? පාස්කු ප්‍රහාරය මුස්ලිම් - ක්‍රිස්තියානි ගැටුමේ, කුරුස යුද්දේ, තව එක episode එකක් පමණයි. මහමොල කාරයා මොහොම්මඩ්. ඔය ටික සඳහන්ව තිබෙන නිසයි කොමිෂන් වාර්තාවේ ප්‍රසිද්ද කල නොහැකී කියන්නේ කියා මට හිතෙනවා.

:       2       3

Bandara Friday, 22 September 2023 10:37 AM

මූත් හොඳ ත්‍රස්තවාදියෙක් තාමා

:       0       0

Bunny Preena Friday, 22 September 2023 11:08 AM

ත්‍රස්තවාදියා පහර දෙන්නේ සාමාන්‍ය ජනයා හෝ අප කවුරුවත් නොසිතෙන විදිහටයි. මෙවැනි දේවල් වළකා ගැනීමට කටයුතු කරන බුද්ධි අංශවලට සම්පූර්ණ සහයෝගය දිය යුතුයි. මහජනතාව හැටියට අපිට තියෙන්නේ යම් සැක කටයුතු දේවල් නිරීක්ෂණය වුණා නම්, සිදුවෙනවා නම් එවැනි කාරණා ගැන වහාම බුද්ධි අංශ දැනුවත් කිරීමයි.

:       0       2

Rata Perata Friday, 22 September 2023 12:08 PM

මේ වගේ අඳ බාල, බොළඳ අය එක්ක කොහොමද රටේ ආරක්ෂාවක් කරන්නේ? මේ මිනිහාට කවම වුණේ මොකක්ද කියලා හිතාගන්න බෑ වගේ.. පොඩි කාලේ නත්තල් සීයා දුම් කවුළුවෙන් එන එක තදින්ම විශ්වාස කරපු කෙනෙක් වගේ මෙයා...!

:       1       1

de silva Friday, 22 September 2023 06:31 PM

මේ අය තව මොනවාහරි ප්ලෑන් කරනවද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1262 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site