
(කාංචන කුමාර ආරියදාස)
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරික ප්‍රජාව ස්වේච්ඡා සංවිධානය තරුණ කණ්ඩායම් කියන දේවල් සඳහා රජය ඇහුන්කන් දීමෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොකිරීම නිසා තමන් නියෝජනය කළ රජය බලයෙන් පහ වූ බව නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම නිසා ජනාධිපතිවරයා අමාත්‍යවරුන් මේ රටේ ජනතාවට ඇහුම්කන්දීමකින් ක්‍රියා කළ යුතු බවත් රටක් වැටෙන්නට බලා සිට බලය ගැනීමේ තම පක්ෂයට නැති බවත් සඳහන් කරන්නට විය.
දඹුල්ල හිටපු නගරාදීපති ජාලිය ඕපාත මහතාගේ නිවසේදී ඊයේ( 01) පස්වරුවේ පැවති ජන හමුවකදී නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
තුනෙන් දෙකක බලය පෙන්වා දෙමින් බලයෙන් උදම් ඇනීම නැවැත්විය යුතු බවත් පෙන්වා දුන් නමල් රාජපක්ෂ ජනතාවගේ අවශ්‍ය ඇහුම්කන් දීමෙන් රටේ ප්‍රශ්න අඩු කර ගැනීමට හැකි බව ත් පැවසීය.
මේ දිනවලින් තෙල් පෝලිමක් හට ගෙන තිබෙන බවද එයටත් රාජපක්ෂවරුන්න්ට වගකීම බාරගන්නැයි සඳහන් කිරීම කරාවිදැයි ඔහු ප්‍රශ්න කළේය වැටුණු රටක් පාලනය කරනවාට වඩා සංවර්ධනය වන රටක් පාලනය කිරීම තමන්ගේ කැමැත්ත බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ජන හමුවේදී හිටපු අමාත් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතා කරමින් සඳහන් කළේ රටේ ජනතාව මුලාවට පත් කරමින් බොරු ප්‍රකාශ කරමින් බලයට පත් වූ බවය රාජපක්ෂ භීතියක් ඇති බව කිවේය.
මෙම හමුවේදී හිටපු අමාත්‍යවරයකු වන සී .බී .රත්නායක මහතා ද මහතාද වී ගොවියන් පිළිබඳව වත්මන් පාලනය කරන අමාත්‍යවරුන් කළ ප්‍රකාශ පිළිබඳව මෙන්ම ඔවුන් සිවුරු හැර ගිය පුද්ගලයින් බව පෙන්වා දුන්නේය.
COMMENTS
තමන් නැගිටින්න බැරි වෙන්නම වැටිලා ඉන්නකොට අනිත් අය වට්ටන්නේ කොහොමද?
අනේ පුලුවන් නම් නොකර ඉදියි, බැරි නිසා බයිලා කියනවා
ඒ කියන්නෙ දැන් ඉන්න අයට හොරකම්කරල මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න එපා කියන එක නේද ...?
කියන්නෙ පෝලිම් එපාමද?
අනේ කමක්නෑ අපිට බලන්නත් එක්ක වට්ටල පෙන්නන්න කෝ
ආයේ රාජපක්ෂ පාලනයක් ලංකාවේ අතිවෙන්නේ නැහැ. ඒ ගැන බයවෙන්න එපා...!
ඔන්න බොලව් නෑමොලයාම පිලි අරගෙන ජනතාව එපා කියද්දි පවුල පිටින් රටම කොල්ලකාපු නිසා තමයි එයාලා වැටුනේ කියලා…!
මේකට නම තියන්න තිබුනේ ගමින් ගමට නෙවෙයි ‘කාමරෙන් කාමරේට’ කියලා. ඇයි ඉතිං ඔය කියන මහා ජන රැලි පවත්වන්නේ ගෙවල්වල කාමර වලනේ…!
කැමති වුණත් කරන්නත් බැහැ.
හොර පෙරකදෝරුවා කියන කතා විශ්වාස කරන වහල්ලු නම් ඇති. දූෂිත පවුල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හුරාගෙන කාපු ලේ මාපිල්ලු.. දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්. ආසියාවේ ආස්චර්‍ය පවුලේ අයට නම් ඉහටත් උඩින් දීලා තියෙනවා...
මේ රට වැටුනේ උද්ගෝශන පෙලපාලි වලින් නෙමේ. මේ ආන්ඩුව වට්ටන්න හීනෙන්වත් හිතන්න එපා. කතාවක් කරන්න කලින් කතව ලියලා දුන්න කෙනාත් එක්ක නැවත කියවන්න. මේ රට වැටුනේ පළමුවෙන්ම නාකිමයිනයි මයිනී නූගත් පුත්තුන්ට දේපල මුදල් මුතුමැනික් සේරම හොරාකමින් රැස් කෙරුවා .නූගත් පුතුන් ලෝකේ වටේ සවාරි ගැහැව්වා. උබලට එක දවසක්වක්වත් හොරා නොකා ඉන්න බැරි වුනා. ඊටපස්සෙ බාප්පිලා කාක්කෝ වගේ අබුවත් සමග හොරාකමින් මුදල් විදේශයට පිටකරමින් රජයේ බදු මුදල් නාස්ති කෙරුවා. ඊට පස්සෙ පන්දම් කාරයින්ට නාකී නඩේට සැපදුන්නා ඉල්ලන්නෙ මොනවද. ඒ සේරම දුන්නා ලෝබ නැතිව. මේ සේරම රටේ ජනතාවගෙ සම්පත්. ඒ නිසා තමයි මේ රට වැටුනේ. ගොනෝ බේබි කවදාවත් කියන්නෙ නැහැනේ අපිට අම්මා තාත්තා සැප දුන්නා කියලා .කියන්න ගියොත් නෝන්ඩි වෙනව නේද. ඩේසි ආච්චි තමයි මැනික් මලු පිටින් ගෙනත් දුන්නෙ නේද. ඉගෙනිමක් නැති මීහරකෙක් ලැජ්ජාව කියනදේ තෙරුම් ගන්නත් මොලේ කලදක් හරි තියෙන්න ඕන. අද නාකීමයිනා ඔයිට වැඩිය හොදට නම්බුකාර විදියට ඉන්නවා බුද්දිමත් දෘවොයි. හොද නිහතමානි බිරිදකුයි ලැබුනානම්. ජේ ආර් යවර්දනගෙ. වගේ. මේක හෙරලියක්. පුත්තු. වලිකුකුක්ලන්. වගේ
වට්ටන්න ! ඔයා...... මේ පාලනය ? හීනෙන්වත් හිතන්න එපා නාමල්....
කවුද මල්ලි මේ?
සභාවේ සිනා
ඔය බොඩි එක හදා ගන්නෙ ජිම් ගිහින්නේ. හොරා කාපුවා දිරවන්න. උවමනාම දේ තමයි.