(නිමන්ති රණසිංහ)
විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ ‘ඩැඩී’ සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ සහිත බෑගයක් සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ‘ඩැඩී’ සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ උපකරණ සවි කිරීමට සහ ගැලවීම සම්බන්ධයෙන් කටයුතු කරන රාගම පදිංචි විහග විනෝදන් ඇන්තනි යන අය විසිනි.
‘ඩැඩී’ සංගිත කණ්ඩායම ඇතුලු කණ්ඩායම් අටක් සහභාගී වූ සංදර්ශනයක් ඉකුත් 10 වැනිදා විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ අතර එදින රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලයේ දී ඔවුන්ට අවස්ථාව ලැබුණු බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු ටික මමී ගාවද දන්නෑ