(නිමල කොඩිතුවක්කු)
රටට අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දී වහාම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(11) පැවසීය.
ජනාධිපතිවරයාට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නොමැති බැවින් තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටීමෙන් පලක් නොවන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට සුදානම් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ජනාධිපති තුමනි ඉල්ලාඅස්නොවන්න . මොකද හිටිය වගේ කෙනෙක් නැවත පත්වීම සුදුසු නැත
වර්තමාන ලෝකයේ ආර්ථිකය පිළිබඳව පාර්ලිමේන්තුවේ මනා දැනුමක් ඇත්තා රනිල් පමණයි..! හේතුව අවුරුදු 27ක් දේශපාලන පලපුරුද්ද, පක්‍ෂ මාරු නොකර එකම පක්‍ෂයේ [අලියා] ඉඳලා... පස් වතාවක් අගමැති ධුරය දරපු රටේ දැනට ඉන්න එකම දේශපාලන උගතා.. දක්‍ෂ ඉංග්‍රිසි කථිකත්වයක් ඇති රටවල් සමඟ බියක් නැතිව සාකච්ඡාවලට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළහැකියි.. ! කෙටියෙන්ම සඳහන් කළොත් ළඟඳී ඩ්‍රයිවින් ටෙස්ට් පාස්වුණු රියැදුරෙකුට අධිවේගයේ බයක් නැතිව වාහනයක් පදින්න හසුරුවන්න ඉඩදෙන්න පුළුවනිද..? අනික රනිල් කියන්නේ කවුරු හරි කියන දෙයක් මනා බුද්ධියෙන් නිහඬව අහගෙන ඉන්න කෙනෙක්... [මෛත්‍රි, රනිල්ට බනිනකොට මුහුණ දිහා බලාගෙන හිටියා මතකද..?] අවංකවම මේ රට වැටුණු අවස්ථාවේ කෙලින් අපි හැමෝම එකතුවෙලා රට ගොඩගමු කීවේ රනිල් පමණමයි. ඔහු අගමැති ලෙස බියසුරු මුහුදක නැව පස් වතාවක්ම ගිලෙන්නට ඉඩනොදී යාත්‍රා කළ කපිතාන් වරයෙකි..! අද රටට ගැලපෙන්නේ එවැනි පළපුරුදු උගතෙකි..! ඒ රනිල් " වික්‍රමසිංහයි "
පරණ හාදයින්ද අලුත් ආරම්භයක් ඉල්ලන්නේ.. ඔය පාර්ලිමේන්තු කාලේම කී සැරයක් ආරම්භ කරපු අවස්ථා තියෙනවාද..? කණුවේ බැන්ද ගොන්නු වගේ හැමදාම ඉන්න තැනින් ඉස්සරහට ගියාද? උලා කකා වටේ කැරකුණා මිසක්..!
ඉස්සෙල්ලාම කිරිඇල්ලව එළවමු..!
රට හදන්න ඔටුන්න දාගන්න ඕනෑද? මහජන ඡන්දයකින් මිසක් වෙනත් කිසිම ක්‍රමයකට රටේ විධායක බලතල වෙනත් කෙනෙකුට පවරාදීමට අපි විරුද්ධයි. රටේ විධායක තේරීමට මහජනතාවට ඇති බලය හොරකම් කරන්නට සූදානම් වෙන්න එපා. ගෝඨාභයට අපිත් කැමැති නැහැ. නමුත් විධායක බලය පසුපස දොරින් පවරනවාටත් විරුද්ධයි.
අම්මෝ.... දැන්නම් ගෝටට යන්නම වෙනවා. සජිත් අගමැති වෙනකම් කෙල හලනව ඇමති කමක් ගන්න. හන්තාන විනාශ කරපු එකා...මෙයත් ගෙදර යවන්න වෙනවා.
හයිවේ එකෙන් මිලියන 800 ට වඩා ගැහුවා.. ඉඩම් කොල්ලකෑවා. ආයේ ආවොත් ඉවරෙටම ඉවරයි.
අධිවේගී මාර්ග හදද්දී උපරිමෙන්ම කොමිස් ගත්තා... හොඳයි බලමු ඊළඟ මැතිවරණයේදී..