IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆේස් බුක් තවම ඡන්ද වැඩ

(සුජිත් හේවාජුලිගේ)

සමාජ මාධ්‍යයන්හි  මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන  ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට  නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු  සිදුවන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි.

සමාජ මාධ්‍ය  ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක්  මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන  ලෙසට පසුගියදා  උපදෙස්දී තිබිණ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ  අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති)   චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස්  දුන්  බවයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නතර කරන ලෙස උපදෙස්  දුන්නද  මැතිවරණය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය හරහා  විවිධ සමීක්ෂණ වාර්තා නිකුත් කිරීමද අඛණ්ඩව සිදුවන බව දැනගන්නට ඇත.



 

 



අදහස් (0)

ෆේස් බුක් තවම ඡන්ද වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 47 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site