IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක සහ මනෝප්‍රිය ගුණසේකර)

නිසි ක්‍රමවේදයකින් නොමැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය හා එහි සංවර්ධන මුල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද  පැය 9 ට ආසන්න කාලයක්  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මොවුන් අද  පෙරවරු 8.00 පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4.00 දක්වා සිදුකෙරිණි.

ඖෂධ මිළදී ගැනීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඒ සදහා ලබා දුන් මාර්ග උපදේශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ගේ මෙහෙවීමේ මෙම විමර්ශන සිදුකෙරේ.

සිද්ධියේ සම්න්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවස්ථා කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශයේ පරික්ෂාවට ලක්කර එහි ලිපිලේඛන  රැසක් සිය බාරයට ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (0)

හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ ඉල්ලීම් ආණ්ඩුව ඉටුකරන්නේ නෑ
2024 පෙබරවාරි මස 22 81 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බවත් ඒ නිසා මාධ්‍ය හරහා හරි තේරුම් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එ


සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට
2024 පෙබරවාරි මස 22 198 0

නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙ


හත් වැනි මහළින් වැටි 74 කත මරුට
2024 පෙබරවාරි මස 22 250 0

බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියය


‘දෙදරු පියා අලි ප්‍රහාරයෙන් මරුට
2024 පෙබරවාරි මස 22 108 0

කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බව


මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු
2024 පෙබරවාරි මස 22 135 0

පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ ම


“ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වන්න”
2024 පෙබරවාරි මස 22 295 0

ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්න දිනතම දිනයේ ජනාධිපතිවරණ පවත්වන්නැය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 171 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 235 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site