IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හිරුණිකාට ඇප

(මනෝප්‍රිය ගුණසේකර හා රොෂන් තුෂාර)

තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය. 

රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරිමට නියමකළ විනිසුරුවරයා ඇප තැබිමෙන් පසු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවිම ද තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ඇප මත මුදාහැරිණි.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් ඇයට කොන්දේසි සහිත ඇප නියම කල විනිසුරුවරයා වාත්තිකාරිගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට බාර දිමටද නියම කළේය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (12)

හිරුණිකාට ඇප

රංබොඩ Monday, 22 July 2024 10:36 AM

කවුරු වත් හිරේ ගියා කියලා සතුටක් භුක්ති විඳිනව නෙවෙයි. හිරේ දානවා ඇප දෙනවා. මොකද්ද අමුතු දෙයක්.

:       3       71

Surain Monday, 22 July 2024 11:57 AM

ජනතාවට ජය, ඔබතුමියට ශක්තිය

:       102       27

JayasekaraMonday, 22 July 2024 02:46 PM

දැන්වත් ඔය හැකර බෝක්කු කට වහගෙන ළමයි තුන්දෙනා ගැනවත් හිතලා හිටියා නම් හොඳයි

:       14       107

Mr Don Monday, 22 July 2024 01:47 PM

ජාතීන් අතර කෝලාහල වපුරපු ඥානසාරට ඇප දුන්නා නම් හිරුණිකාට දුන්නාම මොකද වෙන්නේ

:       62       75

බුද්දිකTuesday, 23 July 2024 08:50 AM

ඔව් ඔබ හරි.ඇප අරගෙන එළියට ඇවිල්ලත් ජාතිවාදය වපුරන්න ට්‍රයි එක දුන්නෙ.චීවරය දරාගෙන පාදඩ ලෙස හැසිරෙන මේ චීවරදාරීන් ගැන මහානායක හිමිවරු නිහඩයි. බුදුන් වහන්සේ කවදාවත් ජාතිවාදයට අනුබල දුන්නෙ නැ. හිරුනිකා මිනීමරලා ,කුඩු බිස්නස් කරලා නෑ.රටේ සල්ලි හොරකම් කරල නෑ.එහෙම කරපු උන් අදටත් නිදැල්ලේ ඉද්දි හිරුනිකා හිරේ ගියා.ඇය මවක් .ඇය අබියාචනයෙන් නිදහස් වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා

:       5       7

Rosa Monday, 22 July 2024 03:25 PM

හරියට හරි සුගත්...

:       13       18

thilak Monday, 22 July 2024 11:43 PM

ධනයයි බලයයි තියෙනවා නම් මොනවද මේ රටේ බැරි?

:       0       3

Ajith Tuesday, 23 July 2024 02:14 AM

හිරේ ගහින් ආවම ජන්ද වැඩි වෙනවා. ඒක ලංකාවෙ දේශපාලකයොන්ට අමතර සුදුසු කමක්.

:       0       8

Ikram Tuesday, 23 July 2024 03:59 AM

මෙවැනි අම්මාවරුන් සිය ගණනක් බන්ධනාගාරය තුළ සිටිනා බව මතක් තියාගන්න.ඔවුන්ටද මෙවැනි ආදරණීය හුරතල් දරුවන් සිටී.ඇය ඔවුන්ට මෙවැනි ඇප නොලැබෙන්නේ.එසෙනම් නීතියේ හිදැසැක් ඇති වෙන්න ඕනැ.නැතිනම් නීතිය දෙවිදිහකට සළකනවාද?

:       0       10

Inoka kumariTuesday, 23 July 2024 02:44 PM

ලංකාවේ කොහොමත් තියෙන්නේ උස් පහත් බේදය....හරි නීතියක් නෑ...හිරුනිකාට විතරද දරුවෝ ඉන්නේ...එතකොට අනිත් අම්මලා....මේ රටේ නීතිය මකුලු දැලක්..ලොකු සත්තු කඩාගෙන යනවා...පොඩි එවුන් අහුවෙනවා...

:       0       1

Pradeep Kumara Tuesday, 23 July 2024 08:34 AM

ඇය මේ වරදට සෘජුවම සම්බන්ධයි කියලා ඇයගේම ආරක්ෂකයින්ගේ ප්‍රකාශ වලින් කියවුනා. නමුත් අද ඇප මත නිදහස්. කුමන වරප්‍රසාදයක් යටතේද? යුද්ධයක් දිනුවා වගේ එනකොට පිලිගන්නට ගව සම්පතකුත් පෙර මග.

:       3       12

P.D Goonawardena Tuesday, 23 July 2024 12:51 PM

දැන්වත් හැදෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31013 37


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13145 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 12 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site