IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හිරුණිකාගේ විරෝධයට යාපනයේදී විරෝධයක්

(සිතුම් චතුරංග)

රටේ අර්බුදයට වගකිවයුතු වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලමින් සමගි ජනබලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය‘ යාපනය නගරයේ සංවිධානය කළ  විරෝධතාව අතර ඇති වූ   විරෝධතාවක් හේතුවෙන් එය අතරමඟ නතර කළේය.

පේදුරුතුඩුව සිට දෙවුන්දරතුඩුව දක්වා ‘මව්වරුන්ගේ අරගලය‘ නමින් සමගි වනිතා බලවේගය  මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාව සඳහා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියාය.

විරෝධතාකරුවන් විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇමරිකාවට යන ලෙසට සටන්පාඨ ප්‍රකාශ කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධර්තන් මහතා ඇතුළු පිරිසක් වත්මන් ආණ්ඩුවට පක්ෂව අදහස් දක්වමින් විරෝධතාවයට පැමිණි පිරිසට බැණවැදීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැණින.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා ඇතුළු තවත් කිහිප දෙනකු එලෙස බැණවැදීමත් සමඟ විරෝධතාවයේ නිරතවූ කාන්තාවන් හා එම ස්ථානයට පැමිණි තවත් ප්‍රදේශවාසීන් කිහිපදෙනකු අරුන් සිද්ධාර්ථන් මහතාට විරෝධය සෙරෙප්පු පහරවල් සහ ජල බෝතල්වලින් පහරදී පන්නා දැමීමට උත්සහ කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

අදාල ස්ථානයට පැමිණි යාපනය පොලිස් නිලධාරීන් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් විරෝධතාවයද අවසන් කෙරිණි.

විරෝධතාවය සඳහා සමඟි වනිතා බලවේගයේ ක්‍රියාකාරීහු සහ යාපනය ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

හිරුණිකාගේ විරෝධයට යාපනයේදී විරෝධයක්

jayasekara Saturday, 02 April 2022 10:48 AM

අවසානයේදී හිරුණිකා ඇතුළු අම්මාවරුන් ‘‘උතුරු වසන්තය‘‘ හැදූ රේල්පාරෙන්, උතුරු වසන්තයට දැමූ කෝච්චියෙන් කොළඹ බලා ගමන් ඇරඹීය...

:       1       4

Kule Saturday, 16 April 2022 01:05 PM

හිරුණිකා, ඔබගේ විරෝධතාවයන් ආපස්සට හැරෙව්වේ උතුරේදීද? දකුණේදීද? කොළඹ ඇවිත් පුළුවන් නම් මානව හිමිකම් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 3 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 587 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site