(කාංචන කුමාර ආරියදාස)

එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  හා සජබ නියෝජනය කරමින් පසුගිය  මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) දඹුල්ල පොලිසිය සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාට පහර දුන්නේ යැයි චෝදනාවකට  ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 පහරකෑමට ලක්ව ඇති ජාතික ජන බලවේගය දඹුල්ල නියෝජිතයකු වූ වසන්ත  රාජමන්ත්‍රී මහතා මෙ වන විට  දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

 තුවාල ලැබූ සංවිධායකවරයාට හට පහර දුන් බව කියන  හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ  සමීපමත තවත්  දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස්  ණ්ඩායමක්   විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.