(සුජිත් හේවාජුලිගේ)
ගල් අඟුරු අක්රමිකතා සම්බන්ධයෙන් නොතීසි ලැබූ බලශක්ති හිටපු අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාවට අද නිදහසට කරුණු ඉදිරිපත් කර ඇත.
ඔහු නීතිඥයෙකු සමග පැමිණ මෙසේ කරුණු ඉදිරිපත් කළ බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ප්රධානීන් 18 දෙනෙකුට කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කෙරිණ.
මින් දෙදෙනෙකු පමණක් කරුණු ඉදිරිපත් කිරීමට තව කල් ඉල්ලා ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවේය.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්තුරු කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd