(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද(07) පැවැත්වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවහොත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
ඇතිව තිබෙන අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කලින ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීය.
COMMENTS
කරුණාකර පැත්තකට වෙලා ඉන්න... මහා පිළිලයක්නේ.. හැමදාම කරපු පාවාදීම් ආයේ නම් එපා. ඔබට ආර්ථිකය ගැන දැනීමක්, හැඟීමක් නැහැ. කොහොම හරි පාස්කු චෝදනාවෙන් බේරීම විතරයි.
එයාලා හැමදාම සාකච්ඡා කරනවා විතරයි. අවසානෙදී මධ්‍යම කාරක සභාව තීරණය කරන්න ඕනේ කියනවා...
මෙයා කුරුමානම් අල්ලන්නේ අගමැතිවරයා වන්න. ගේත් තියාගන්න පුළුවන්නේ... නැදෑ සෙට් එකට යකඩ ගෙනල්ලා දෙන්න. මෙයාට තියෙන්නේ වෙනම ප්ලෑන්..