
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
මෙයට අමතරව ජනාධිපති නිල නිවාස සහ හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට මේදිනවල කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී තක්සේරුවක් කරගෙන ඇති බවත් එම තක්සේරුවට අනුව එහි මාසික කුලිය ලක්ෂ 46 ක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට හිටපු ඇමතිවරුන්ට මින් ඉදිරියට නිල නිවාස නොදීමට රජය තීරණයක් ගෙන ඇත.
එසේම ජනාධිපතිවරයාද නිල නිවාස ලබා නොගැනීමට තීරණය කර අැත
මෙම තක්සේරු කිරීම අාරම්භ කර ඇත්තේ එම තීරණයෙන් පසුව බව දැනගන්නට ඇත.
ඇමතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවාස වලින් කොටසක් සංචාරක කටයුතු සඳහා පලදායි ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව එම නිවාස සංචාරක මණ්ඩලයට පවරාදීමට කටයුතු කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට පළමුව ස්ටැමෝර් චන්ද්‍රවංකයේ නිවසක් ලබාදී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවත, සී 80 දරන නිවස ඇයගේ පදිංචියට දෙන ලදී.
මෙරට හතරවන විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය විශ‍්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ නිදහස් මාවතේ අංක 27 දරන නිවසයි. විශාල භූමි භාගයක පිහිටි එම නිල නිවස ඇය අදටත් පරිහරණය කරන්නීය
මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර අමාත්‍යවරයෙකු ලෙස භාවිත කළ කොළඹ 07 විජයරාම මාවතේ අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස ලෙස පාවිච්චි කිරීමට දුන්නේය
විශ‍්‍රාම ගිය පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පදිංචියට තෝරාගෙන ඇති මහගමසේකර මාවතේ නිවෙසේ ඔහු දැනටත් පදිංචිව සිටී
ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඔ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවෙසක පදිංචිව සිටී
විශ‍්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් හිමි වැඩකයුතු ඉටුකර ගැනීම සඳහා කාර්යාලයක් සහිත නිල නිවසක් ව්‍යවස්ථානුකූලව හිමිවෙයි.
විධායක ජනාධිපතිවරයෙකුට සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටිය ද, නොසිටිය ද නිල නිවසක් ලබාදීමට රජය බැඳී සිටින බවද පැවසේ . එහි වගකීම ඇත්තේ ජනාධිපති කාර්යාලයට බවත් සියලූම විධායක ජනාධිපතිවරුන්ගේ නිල නිවාස නඩත්තුව සහ සෙසු අයිතිවාසිකම්වල පරිපාලන බලය හිමිවන්නේ ජනාධිපති ලේකම්වරයාට බවත් සදහන් වේ
COMMENTS
මුන් බලයේ ඉන්නකල් රට හූරන් කාලා ඊට පස්සෙත් ජනතාවගෙන් කාකා බිබි ඉන්න විදියට නීති හදාගත්තා
විශ්‍රාමික ජනපතිවරයකුට නිල වශයෙන් හිමි වැඩ කටයුතු මොනවාද? දැන ඉගෙන ගැනීම පිනිසයි. ස්තුතියි.
ලෝක නායකයෝ ඉදිරියේ කුක්කෙක් වගේ ඇඹරෙන අපේ ජනාධිපති අපේ රටේදී නම් සිංහයෙක් වගේ!
ජනපතිකම දාල පැනල ගිය අයෙකුගේ බර රටේ අහිංසක ජනතාවට දරන්න වීම අසාධාරණ නේද? එදාවේල කන්න බොන්න රටට නැතී කල පුද්ගලයාට දඬුවම් දීම පසෙකට දමා ඔහුට රජසැප දීම මොන අපරාධයක්ද?අනෙක් හිටපු නායකයෝ සහ යැපෙන්නෝත් වියදම් සීමාවකට යටත් කරන්න බෑරි ඇයි.මේ සිද්ධිය හරියට පලාත් සභා වගේම රටට බරක් නොවේද?
නිළ නිවාස, විශ්‍රාම වැටුප්, ආරක්ෂක නිළධාරීන්, සේවක සේවිකාවන්, ලේකම් වරුන් මේ හැම දේකම බර දරන්න ඕන අහිංසක ජනතාව ද? අනේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි. කියන්නෙ නම් ජනතා සේවයට කැප වුනා කියලා. කූඩැල්ලෙක් උනත් ලේ උරා බිව්වට පස්සේ අතහැරලා යනවා, ඒත් මේ කූඩැල්ලෝ නම් ජනතාවගේ අන්තිම ලේ බිංදුවත් උරා බොන තුරු යන්නේ නෑ. මේක නම් සාපයක්.
ජේ වී පී-කාඩිනල්- LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව මේ කරන්නේ LTTE ඉල්ලීම් වලට මහින්ද ජනාදිපතිව පාරට දාන්න....ජෙප්පෝ හිතනවා LTTE ඉල්ලීම් ඔක්කෝම කලහම LTTE ඩයස්පෝරා උන් ඩොලර් ගෙනෙයි කියලා ලංකාවට ....ද්‍රෝහී ජෙප්පෝ
විශ්‍රාම ගියාට පස්සේ මොන නිල රාජකාරිද ?ඉන්නකල් ගොඩක් දෙනෙක් හොදටම හම්බ කරලා... පරම්පරාගානකට .. තව මොනාද මහජන මුදල් නැති කරන වැඩ?
රටම බංකොලොත් කරන්න දායක වෙච්වි උන්. තවත් මොකටද නිළ නිවාස.හරිනම් සමහරු ඉන්න ඕනේ හිරේ.
මහා දැවෙන ප්‍රශ්නයක් විසඳන්න හදනවා කියල හිතන මොට්ට ගොන් ආණ්ඩුවක්. ජනතාවට කිව්වේ නම් හොරු අල්ලලා, හාල්, පෙට්‍රල්, විදුලිය අඩු කරල, ඉන්දියන් චීන ව්‍යාප්තිය නැති කරනවා කියලා. පච මිසක් වැඩ බැරි හරක් සෙට් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
මෙවැනි දෑ කළ යුත්තේ ඒ කිසිවෙකුටත් අවමානයක් නොවන පරිදිය. ඒ හැම කෙනෙක්ම රටේ නායකයින්ය. අවමන්ලෙස ද්වේෂ සහගත ලෙස කතා කිරීම පවා නොකළ යුතුය . එවැනි දෑ කිරීමෙන් පිළිබිඹු වන්නේ තම තමන්ගේ ප්‍රාජාණනය ගැනය. කූඩැල්ලන් මෙට්ටේ තැබිය නොහැකි වග ලොවට හෙළි නොකළ යුතුය.
හිරකාරයොත් මනුෂ්‍යයෝය එසේනම් රජයේ සේවකයින් වන තක්සේරු නිළධාරින්ද මනුෂ්‍යයෝය නිළධාරි පත්කිරීම උසස්කිරීම විනයානුකූලව කටයුතු කිරීම ඇමති මණඩලය සතුයි නම් මොකද වෙන්නෙ .සාමාන්‍යයෙන් මාසිකව තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 46 ක් වෙන්න පුලුවන්ද .
ඔක්කොමලා හරි ඒත් රට බංකොලොත් කරපු ගොටාගේ මොන ගෙවල් ද ?රට මේ තත්වයට පත්කරලා සැපට ඉන්නවා
මේ අයට නිවාස දෙන්නම ඕන. කට්ටියටම කොහේ හරි නිවාස සංකීර්ණයක් හදා දෙන්න. පොඩි නිවාස හදා දෙන්න, මාලිගා දෙන්නේ නැතිව
ඉක්මනට මේ පනත් වෙනස් කරන්න ඕනි . පාරලිමේන්තුවේ තමන්ට හිතුමනාපෙට සැප වරප්‍රසාද ඔක්කොම හදාගෙන ජොලියේ හිටියා නේද කට්ටිය? මම රජයෙන් ඉල්ලා සිටින්නේ පරක්කු වෙන්න එපා සියලු නීති අලුතින් සම්පාදනය කරලා ඔය වැඩේ ඉක්මනට කරලා දාන්න. මේ ගොල්ලන්ට කරන අනවශ්‍ය වියදම් කපා හැරලා රටට ප්‍රයෝජනවත් දේවල් වලට ඒ සල්ලි වියදම් කරන්න.
ජගත් කුමාරගේ අදහසනම් සහතිකම ඇත්ත. ප්‍රේමදාස ජනාධිපතිතුමා සිටි කාලයේ රට දෙපැත්තම ගිනිගත් දෙකොන විලක්කුවක් වගේ තිබුනා .ප්‍රේමදාස ජනාධිපතිතුමා එක් පැත්තක් නිවා දැම්මා අනෙක් කොනේ ගිනිවලින් ප්‍රේමදාසට මරණයකට මුහුණ දෙන්න වුනා. මහින්ද මහත්තෙයා අනෙක් කොනේ ගින්න නිව්වා. ඒකනේ ඇත්තම තත්වය කියල හිතෙන්නෙ කාටද..........
විලක්කු නං නිව්වා ඊට පස්සෙ තමන්ගෙ තක්කඩි හොර දූෂිතයෝරොත්තක් එක්ක හොදට හොරා කෑවා. රට බංකොලොත් කාලා අවසන රටත් ජනතාවත් අන්ත දුප්පත් උන් රැල සොහොසත් ඇති හැකි අය උනා .ඒ නිසා අද අවංක අදූෂිත ජනතාවාදී පාලනයක් ජනතාව විසින් ගෙනැවිත් තිබෙනවා.ඒය කඩා වට්ටන්න මුල සිටම දූෂිත දේශපාලුවන්ගේ හොර නඩය මාධ්‍යට බැහැල තියනවා කොමිස්කාරයින්ට පගා කාරයින්ට හොර කොන්ත්‍රාත් ,මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ,බදු වංචාකාරයෝ ,අල්ලස් කාරයො ස්ත්‍රී දූෂකයො මිනීමරුවෝ අද එකය එකතු වී උංගේ අහිමී වූ සැප සම්පත් වෙනුවෙන් ජනතාවාදී රජය පෙරලන්න කටයුතු කරමින් සිටින බව පැහැදිලියි.
මේ ගමන්ම ජවිපයෙන් ගිනි තබා විනාශ කිරිමෙන් නිවාස හිමිකරුවනට සිදු වු අලාභය ද තක්සේරු කිරිමට අමතක නොකරන්න.....
ජනාධිපතිවරයා විශ්‍රාම ගිය පසු නිල නිවාසයක් ව්‍යවස්ථාවට අනුව ලැබිය යුතු නම්, නිවසක් දීමේ වරද කුමක්ද?