IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හිටපු කතානායක රිය අනතුරක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූූ ජීප් රථය සහ කාන්තාවක පැදවූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කතානායකවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

තුවාල ලැබූවන් අතර මාස හයක කුඩා දරුවකු හා කාන්තාවන් දෙදෙනකුද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සපුගස්කන්ද  මාවරමණ්ඩිය ඩෙනිමුල්ල ප්‍රදේශයේදී, ජීප් රථය සහ මෝටර් රථය මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

තුවාල ලද හිටපු කතානායකවරයා රාගම රෝහලටත් , කුඩා දරුවා කොළඹ ළමා රෝහලටත් මෝටර් රථය පැදවූ කාන්තාව සහ ඇයගේ මව කිරිබත්ගොඩ රෝහල වෙතත් ඇතුළත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

යතුරුපැදියක් බේරීමට ගොස් මෙම අනතුර වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

හිටපු කතානායක රිය අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site