(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස සිටිමින් එහි වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසාද් මංජු නමැත්තකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

සැකකරු රුපියල් 17 ලක්ෂ 46000/= මුදලක් එලෙස පාඩුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වීී තිබිණි.

සැකකරු ඔහුට හිමිව තිබූ එම තනතුරට හිමි වාහනය හා ඉන්ධන දීමනාව ලබා ගනිමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන මාධ්‍ය කටයුතු සඳහාද පරිහරණය කරමින් එලෙස රුපියල් 17 ලක්ෂ 46000/= ක මුදලක් රජයට පාඩුකර ඇති බවට සිදුකළ විමර්ශන වලදී හෙළිි වී ඇත.‍ෙසැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවය.

සාවද්‍ය පරිහරණය හා පොදු දේපල පනතට ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

52 හැවිරිදි එක කරු කොළඹ 2 මැලේවීදියේ පදිංචිකරුවෙකි.