වතුර ලීටරයක් දැමිය හැකි විදුරු බෝතලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
“රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල බීමට වතුර රැගෙන එන බව සිදුකළ අධ්‍යයනකදී හෙළි වී ඇත. මෙය මත්පැන් පානය සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් මෙන්ම සමාජයට දෙන අහිතකර පුර්වාදර්ශයකි. එබැවින් මත්පැන් විරෝධි සංකේතයක් ද සමඟ මේ බෝතලය හඳුන්වා දීමට තිරණය කර ඇත.”
“මේ බෝතල රාජ්‍ය ආයතනවලට නොමිලේ බෙදාහරින අතර පෞද්ගලික අංශයෙන් බෝතලයක් සඳහා වැයවන වියදම පමණක් අය කෙරෙයි. එය ඉතා සුළු මුදලකි. ”
“ශ්‍රි ලංකා සමාගමක් චීනයෙන් බෝතල් ආනයනය කරයි. බෝතල් දස දහසක් ළඟදිම ආනයනය කෙරෙන අතර ඉන්පසු බෝතල් ලක්ෂයක් ආනයනය කැරේ.”
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා
විනී Friday, 12 June 2015 06:30 AM
ඊටවැඩිය හොඳ නැද්ද දැනට භාවිතා කරන බෝතල් වල තිබෙන ස්ටිකර ගලවා මත්පැන්විරෝධී සංකේතයක් සහිත ස්ටිකරයක් වැනි දෙයක් භාවිත කිරීම. සල්ලි ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. (නි)
ලීල් Thursday, 11 June 2015 08:14 AM
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
නිමලා Thursday, 11 June 2015 08:18 AM
ඇත්තටම හොඳයි (නි)
දිලිප් Thursday, 11 June 2015 08:22 AM
එක ඇත්ත රජයේ ආයතනවල වඩාත් කරන්නේ පුද්ගලික අපි එක මේසෙකින් අනිත් මේසෙට ෆයිල් එකක් ගෙනියන්නත් අපි යන්න ඕන එන වුණාට තම හැම පහසුකමක්ම ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉදලා (ම)
ඩිකි Friday, 12 June 2015 06:59 AM
ඔලුවේ අමාරුවට කොන්දට බෙහෙත් බඳිනවා වගේ වැඩක් මේක (නි)
පහන් Thursday, 11 June 2015 08:26 AM
ඉතින් බාර් වහලා දාන්නකෝ. බීලා ගංගා වල නාන අය සහ බීලා වාහන පදවන අය නම් ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනෑ බරපතල වැඩ ඇතුව(නි)
දයා Thursday, 11 June 2015 09:18 AM
ඉතාමත්ම අගය කළ යුතු ක්‍රියාවක්. මෙමගින් යම් පිටුවහලක් වේයැයි සිතමි. (ම)
බ්ලැක් Thursday, 11 June 2015 09:27 AM
මේ වැඩේ ගුණ අගුණ කෙසේ වෙතත්, මේ බෝතල් ලංකාවේ හදන්න බැරිද චීනෙන් ගෙන්නන්නේ නැතුව..... ලංකාවේ දැන් රාජ්‍ය අවශ්‍යතාවයකට බෝතලයක් වත් දේශීයව නිෂ්පාදනය කරගන්න බැරිද....... ? (බ)
දුමින්ද Thursday, 11 June 2015 09:45 AM
බෝතලේ සුරතලේ නැති කලේ. (ස)
කරු Thursday, 11 June 2015 09:52 AM
අනේ මේ ගොන්පාට් කවදා නතරවෙය්ද? ඔච්චර නරක නම් අරක්කු තහනම් කරන්නකෝ. ලංකාවෙ නිෂ්පාදනය වන සියළුම ඇල්කොහොල් සහ සියළුම බීම බෝතල් නිෂ්පාදනය වෙන්නේ ලංකාවෙම මිනිස්සුන්ගෙ අත්වලින් බව ඇමතිතුමා දන්නෙ නැතිද? (ස)
ලොකුගේ Thursday, 11 June 2015 10:12 AM
මොකක්ද මේ කරන්න යන්නේ.බොරු වැඩක්.ඔය බෝතලේ දුන්නා කියලා බොන අය බොන්නේ නැතුව ඉදීද?(හේ)
විමුක්ති Thursday, 11 June 2015 10:21 AM
වතුර කියන්නෙ අපට නිරෝගි වෙන්ඩ තියෙන උතුම් ම සමපතක් අපේ අය වතුර බොන්නෑ වනෙ වෙන එවා ගාන්වා නේ (ම)
මංජු Thursday, 11 June 2015 10:49 AM
අපි පිටරටින් ගන්නේ ලංකාවෙම බෝතල් ෆැක්ටරි තියෙද්දි. ලංකාවට උවමනා බෝතල් සේරම හදන්නේ එතැනයි (බ)
දර්ශන Thursday, 11 June 2015 11:51 PM
චීනෙන් ගෙන්වන්න යන්නෙ මොකද දන්නෙ නැහැ (නි)
කුමාර් Thursday, 11 June 2015 10:55 AM
නිකන් ඔලුව කචල් වෙච්ච එක්කෙනෙක්ගේ වැඩක් මේක. (බ)
පවර Thursday, 11 June 2015 11:13 AM
අදහස හොදයි. ඒත් චීනෙන්ම ගෙන්නන්න ඕනෙ නෑනෙ. මොකද්ද ඩීල් එක? (බ)
උපුල් Thursday, 11 June 2015 11:14 AM
හිස් බෝතලයක් දෙන්නෙ නැතුව අඩු තරමින් කිතුල් පැණි සමඟ මේක දුන්නොත් නරකද ? (ස)
ඉන්දික Thursday, 11 June 2015 11:20 AM
කමක් නෑ ඉතින් චීනෙට සල්ලි දෙන්නටත් ඕනිනේ ..(බ)
චතුරංග Friday, 12 June 2015 02:03 AM
වැඩේ හොඳයි. ඒත් මොකටද චීනෙන් ගෙනෙන්නේ? ලංකාවේ හැදුවා නම් ඉවරනේ (නි)
නන්දලාල් Friday, 12 June 2015 11:45 AM
බලාගෙන යනකොට චීනා නැත්නම් ශ්‍රී ලංකාවේ ජනතාව වතුර බීලත් ඉවරයි. දෙයියන්ගේ නාමෙට අපේ රටේ වීදුරු බෝතලයක් වත් හදාගන්න බැරිද ?(හේ)
සුපුන් Thursday, 11 June 2015 07:24 AM
හොඳව වැඩක් (ම)