IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ දැන් නම්‘

යකෝ බොසාට පාඩුවෙ ඉන්නම දෙන්නේ නෑනේ මුං ටික. දවස ගානේ එක එක ගුස්පි දානවා. පුදුම කරුමයක්නේ. මේක බල බලා ඉඳල හරියන්නෙ නෑ. නන්නත්තාර වෙලා යන්න බම්බුවලගෙ බජාර් එකට පුල් සීරියල් ගේමක් සෙට් කරන්ඩ ඕනෑ කියල ජෙල්පිරාලගෙ බජාර් එක බර බරේ දාන්ඩ පටන් ගත්තා.

‘මේකට මොකක්ද අපි දෙන පුල් සීරියල් ගේම?˜ වාම දේවයා ඇසීය. ‘ගැන්සියම රෑට දියවන්නාවේ ප්‍රජාශාලාවට එන්ටර් වෙලා ෆුල් නයිටක් ගහමු. නයිට ගහන ගමන් පබ්ලිසිටි එකටත් එක්ක උපවාස පාරකුත් දාමු˜ ජෙල්පියා නෝන්ඩිනැතුව දැම්මේ ආතල් අයිඩියා එකක්ය.

‘උපවාස   උපවාස විතරක් මතක් කරන්ඩ එපා. උපවාස වානා හරිද? අර බැන්කියට එගෙන්ස් එකට කියල දාපු උපවාස පාර මස්තබාල්දු වෙලා ගිය හැටි මතක නැද්ද? ඕකට ඇම්ඩලගෙ බජාර් එක නෝන්ඩි නමකුත් දැම්ම. ‘ලෙමන් පප් උපවාසය‘ කියලා. එදා ඉඳන් මට නම් උපවාස අරහං. අපි ෆුල් නයිට විතරක් ගහමු˜ කියල වාම දේවයා ජෙල්පියාට දුන්නේ කොරවෙන ටෝක් එකක් ය.

‘ඒක නියමයි. සොමි ආතල් එකකුත් ගන්ඩ පුළුවන්˜ කියල වෙලේ කුමාරයත් කීවේය.

‘ඔන්න පිට් එක˜ කියල ගැන්සිය විසිල් පාරක් ගහල ෆුල් නයිට ගහන්න ඇග්‍රි එක දුන්නා.

දැන් ගැන්සියම දියවන්නාවේ ප්‍රජා ශාලාවට එන්ටර් වෙන්න ගියා. ගැන්සිය දැකපු ගමන් සභාපති බුවා තක් බීර් වුණා.

‘යකෝ මුන් මොන මරාලයක් දායිද දන්නේ නෑ. අන්තිමට මුං මගේ ජොබ් එකටත් කෙලවල තමයි නවතින්නේ˜ කියල සභාපති බුවා මෝඩ චූන් එකක් දැම්මේය.

‘ගැන්සියම මොකද මේæ ප්‍රජා ශාලාව වහන්නයි යන්නේ˜ සභාපති බුවා කීය.

‘එහෙම වහන්ඩ බෑ. අද ෆුල් නයිටට රෙඩිවෙලා අපි ඇටෙන්ඩ් වුණේæ ගේමට ගේමæ අපේ බොසාට දෙන ෆුල් භක්ති පාරක් මේක. සභාපති බුවා මේකට හොට දාන්න එපා. අපිට සප් එක විතරක් දුන්න නම් අයිඩියල්˜ ගැන්සියම කීය.

‘හරි හරි කිසි ප්‍රශ්නයක් නෑ. අද විතරක් නෙමෙයි සතියෙම වුණත් නයිට ගැහුවත් නෝ ප්‍රොබ්ලම්. මං ප්‍රජාශාලාව ඕපන් කරලම තියන්නම්˜ සභාපති බුවා ෂේප් නියාය දැම්මේය.

‘ෆුල් භක්ති සභාපති බුවා˜ කියල ජෙල්පියා විසිල් පාරක් ගැසුවේය.

‘දැන් මේ ගැන්සිය නයිට ගහන කොට අඩි පුඩි ගහල කනව බොනවද? නැත්නම් උපවාස පාරක් විතරත් දානවද?˜ සභාපති බුවා ගැන්සියෙන් ඇසුවේ කින්ඩියටය.

‘මතක් කරන්ඩ එපා ඔය උපවාස ගැන. නයිට ෆුල් ආතල් එකක්˜ වාමදේවයා මැදට පැන කීවේය.

‘හරි හරිæ ගැන්සියට රෑට කණ්ඩ බුරියානි, ප්‍රයිඩ්රයිස්, වටලප්පන්, පෘට් සැලඩ් ඔක්කොම ඉස්සරහ නානගෙ කඩෙන් සප්ලයි කරයි. මම නානට මැසේජ් එකක් දෙන්නම් එළිවෙනකන් කඩේ ඕපන් කරල ගැන්සියට සප් එක දෙන්න කියල. කෑම බිල් ඔක්කොම මගේ ගානේ˜ සභාපති බුවා කීය.

‘අන්න එහෙම එන්ඩකො බුවාæ මෙන්න අපේ භක්තිය˜ කියල ගැන්සියම විසිල් පාර ගහල සභාපති බුවාට භක්ති පාර දැම්මේය.

දැන් ගැන්සියට නයිටට ඕන විදියට ඇඳුම් මාරු කරගෙන නයිටට සෙට්වෙලා. වාමදේවයත් ෂෝටක් ගහගෙන ගැන්සියට ඇඩ්වයිස් පාරක් දුන්නේ වැඩේ අබ්ලික් කරගන්නේ නැතුව ගෙනියමු කියලයි.

‘මෙච්චර කාලයක් එක එක ගුස්පිවලට අත දැම්මත් මේ වගේ ගේමකට එන්ටර් වෙලා නෑ. මම කරපු ලොකුම ගේම තමයි මල් වඩමක් උස්සන් ඇවිත් පරණ ප්‍රජා ශාලාවෙ බුවාල ඉස්සරහ තිබ්බ එක. අද ඒක පොඩිගේමක් වුණත් ඒ කාලේ හැටියට ලොකුම ලොකු ගේමක්. වැඩේ නැගලම ගියා කියල වාමදේවය, හිස්ටරි එක මතක් කළා.

ස්පෝට්ස් මහින්දයයි ටියුෂන් ගුණයයි බේරුවල නයයි විස්කි බෝතල් උස්සන් ආවා ප්‍රජා ශාලාවට. යාපහුවෙ කලාභූෂණය සර්පිනාවක් අරන් ආවා. ගැන්සියම කිව්වේ නැගල යන බජව්වක් දෙමු කියලයි.

බජව්ව නැගල යන්න නම් බඩු දාගන්න ඕන කියල කස්ටියම විස්කි ෂොට් දෙක තුනක් දාගෙන වැඩේට සෙට් වුණා. කඩේ නානා බයිට් පාර සප්ලයි කරනවා. වේටර් කොල්ලො ටික බයිට් පිඟන් උස්සන් එනවා. නානගෙ කඩෙන් ෆුල් බකප් එක ගැන්සියට.

ඒ අස්සේ ඩෙනිම් පාරක් දාගෙන කුස පබාවති නංගියි, සෙනෙහෙලතා ඇන්ටියි, ගුණවතී ඇන්ටිත් දැන් ගැන්සියට සෙට් වුණා. කුස පබාවති නංගිලගෙ බජාර් එක ප්‍රජා ශාලාවෙ පැත්තක වාඩිවෙලා ඕමි අතකට සෙට් වුණා. ගැන්සිය දැන් බඩු දාල රත්වෙන කොට තොප්පියකුත් දාගෙන ගැන්සිය මැදට පැනපු බේරුවල නයා ඩාන්ස් පාරක් දාගෙනම බජව්ව ස්ටාට් කලා. ගැන්සියම දැන් බේරුවල නයාගේ සින්දුවට ෆුල් චූන් වෙලා.

‘හිස්ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ දැන් නම්

කිසි වාසික් නෑ හතේ හත මේ ඇමැතිකම් නැත්නම්

ඇමැතිකම් නැතිදා ඉඳන් කෙලවුණේ අපෙ සම්තින්

දැන් ඉතින් උඩ බලන් හිටපන්

ඔව් ඉතින් උඩ බලන් හිටපන්

ඒ වුනත්...

හිස්ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ දැන් නම්

අපේ පාටිය බොස්ගෙ පාටියයි

අපි ඡන්දෙ ගන්නේ

ජරාව දීලයි

හා හා ආ...

ඇම්ඩගෙ ආණ්ඩුව උනත් අපිට ඔට්ටුයි

අපිට ඕනෑ ගතම් එක ලැඛෙන ක්‍රමයක් සහෝදරවරුනිæ

ඒ වුණත්....

හිස්ටින් එකක්...

නැති බැරි මිනිහා නාහෙන් අ~නවා

ඇති හැකි එකා සම්තින් හොයනවා

අට පාස් වුණත් අපි ඇමතිල වෙනවා

ඩිග්රි ගහපුවුන් පාරේ දඟලනවා

ඇත්ත නේන්නම්

හිස් ටින් එකක් වාගෙයි˜

මේ විදියට පාන්දර ජාමය වෙනකන් බජව්ව නැගලම ගියා. ප්‍රජා ශාලාවෙ දාල තියෙන කාපට්වල ගැන්සිය කබරය එහෙම දාල ඇති කියල හිතාගෙන සභාපති බුවා පාන්දර ජාමේ ප්‍රජා ශාලාවට විසිට් පාරක් දැම්මා. සභාපති බුවා විසිට් කරන කොට ගැන්සිය තැන් තැන්වල වැටිල දපනෙදාලා. සමහර බුවාල තුනේ හතරෙ බාල්ක ඉරනවා.

සමහර බුවාල හීනෙන් කියවනව.

‘යකෝ මේ සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් පැනල ගිය දවසේ වගෙනේ මුන් ටික වැටිල ඉන්නේ˜ කියල කියාගෙනම සභාපති බුවා ෂේප් එකේ මාරුව දැම්මා.

පහුවදා ගැන්සියම නැගිටල නානා උදේ පාන්දර ගැන්සියට එවපු කොළ කැඳ පාරට වැඩේ දෙනවා. කැඳ පාරෙන් පස්සේ උදේ ඩයට් එක දාල ඉන්න කොට බේරුවල නයාගේ මුද්දක් නැතිවෙලා.

බේරුවල නයාට දෙලොව රත්වෙලා. දැන් ගෙදර ගිහිල්ල හමාරයි. ගෑනි මගෙ ඔලූව කනවා. ලක්ෂ 20කට වැඩිය වටිනවා කිය කියා නයා මුද්ද හොයනවා. පස්සේ ප්‍රජා ශාලාවෙ වොචර් කෙනෙකුට හම්බවෙලා මුද්ද නයාට ගෙනත් දීලා.

මේ මුද්දෙ කලබලේ අස්සේ කන්නාඩියලගෙ බජාර් එකත් ප්‍රජා ශාලාවෙ ඉන්න ගැන්සියට සප් එකට ජනම්ස්ලව අරගෙන පෙලපාලියකින් ඇවිල්ලා. පොලිස් බුවාල යකඩ පොලූ දාලා පාර හරස් කරලා මේ නිවුස් එක ආපු ගමන් ජෙල්පියාල පන කඩාගෙන ජනම්ස්ල ඉන්න පැත්තට ජිරාමාර් වුණා.

‘දැන් බොසාගෙ වැඩේ ෂේප්æ ඒනිසා කට්ටිය දැන් හිමින් මාරුවෙන්න කියල˜ ජෙල් පියාල ජනම්ස්ලට කිව්වා. ජනම්ස්ල ආපසු යන්න ගියා.

නයිට් බජව්ව ක්ලෝස් කරල ලාබ පාඩු ගණන් බලන්න බජාර් එක ආයිත් සෙට්වුණා.

‘වැඩේ නැගල ගියා. මෙහෙම කෙලියක් කවදාවත් තිබුණේ නෑ. මීඩියා බුවාල පැයෙන් පැයට නිවුස් දීල මාර පබ්ලිසිටි එකක් දුන්නා. ඒ වුණාට ජනම්ස්ල සැටිස් නෑ. ඔය පේස්බුක් කාරයො ටික මාර විදියට නයිට් බජව්වට ඇටෑක් කරනවා˜ කියල වාමදේවය කට්ටියටම ලාබ පාඩු පෙන්නුව.

වාමදේවයගේ ටෝක් එක බජාර් එක අහගෙන හිටියත් ජෙල්පියා සයිඩ් ගහගෙන සයිකො පාරක් දාගෙන ඉන්නවා.

මේක දැකපු ගැන්සිය ජෙල්පියාගෙන් ඇහුවෙ ඇයි ආයිත් පාරක් බම්බුවල ගැන්සිය ජෙල්පියාගේ වයිපරය උස්සලද කියලයි. පිස්සු පීකුදු මම මේ සයිකො ගහගෙන ඉන්නේ අපිට මිස්වෙච්ච මාර ගේමක් ගැන කියල ජෙල්පියා රිප්ලයි එක දුන්නේය. ඔක්කොම වැඩකිඩ ටික ආසික් එකට ගියානෙ. එකක්වත් මිස් වුණේ නෑ කියල ගැන්සියම කිව්ව.

‘නෑ බුවා මං මේ කල්පනා කළේ අර පහුගිය අවුරුද්දේ ඔය නිදන් පිල්ලෙලා යුද අපරාධ චෝදනා ගෙනාපු වේලේ මේ ප්‍රජා ශාලාවේ දීපු ගේම වගෙ ගේමක් දුන්න නම් ඔය මානව හිමිකම් මණ්ඩලයේ එවුන් ටික නන්නත්තාර වෙලා යනවා. මේ වගේ ආතල් අයිඩියාස් ඒ දවස්වල ආවේ නෑනේ˜ කියල ජෙල්පියා ශෝකෙන් රිප්ලයි කළේය.

ඔව්, ඔව්, ඒ දවස්වල ජිනීවා ගිය එවුන් කළේ ෂොපිං ගිය එකයි, රෑ තිස්සේ රෙඩ් ස්ටී්‍රට් එකට රිංගපු එකයි, ජිනිවා ලේක් එකේ බෝට්ටු පැදපු එකයි විතරයි. අන්තිමට අපිට කෙළවෙන කම්ම දන්නේ නෑ කියල වාමදේවයත් ජෙල්පියාගෙ කථාවට ධගණග එක දුන්න.

 ඔය යුද අපරාධ චෝදනාව ඡන්දෙ ගන්ඩ ඉස්සර පැදුරු කොට්ට අරගෙන මානව හිමිකම් මණ්ඩලයේ මැදට පැනල බජව්ව පටන්ගත්ත නම් ඇමෙරිකන් කාරයින්ගේ වැඩ කිඩ ඔක්කොම නන්නත්තාර කරන්න තිබුණා කියල බේරුවල නයාත් කිව්වා.

මොකුත්ම කර ගන්ඩ බැරි නම් අර එදා පරණ ප්‍රජා ශාලාවේ බුවාල ඉස්සරහ මම මල්වඩමක් තිබ්බ වගේ ඔය නිදන් පිල්ලයාගේ පුටුව ඉස්සරහ මල්වඩමක් ගෙනත් තිබ්බ නම් ඒත් ඇති. මොකද ඕව ඔක්කොම ඉන්ටර් නැෂනල් මීඩියා බුවාල පට්පට් ගාලා පබ්ලිසිටි පාර දෙනවා. අපරාදේ තමයි දෙකින් එකක් කරන්ඩ තිබුණා. වාමදේවයාත් ටෝක් එකට ජොයින්ට් වුණා.

එදා මානව හිමිකම් මණ්ඩලයේ මැදට පැනල බලෙන් නයිට ගහන ගමන් එලිවෙන කම් මේ වගේ බජව් පාර දැම්ම නම් ඔය යෝජනාව අකුලනවා. මෙහේ හරි ගියා නම් එහෙ වරදින්න විදියක් නැහැ ජෙල්පියා ගයි මොරාල් පිට කීවේය.

‘එක අතකට මෙහෙම වෙච්ච එකත් හොඳයි˜ කියල කීවේ ටියුෂන් ගුණයාය.

‘ඒ කොහොමද?˜ බේරුවල නයා ඇසුවේය.

‘ඇයි බුවා අපිට ලාඛෙට විකුණගන්න තියෙන එකම භාණ්ඩය ඕක විතරයිනේ. ඕක කල්පැන්න කියල අහක දාන්නේ නැතුව ජනම්ස්ලගෙ ඇෙඟ් ගහල විකුණන්න පුළුවන් භාණ්ඩයක්. අපි කී පාරක් ඕක වික්කද? මේ පාරත් ඕකම විකුණලා ගොඩයන්න බලමු˜ ටියුෂන් ගුණයා කීය.

‘ෆුල් පිට් ආæ අපි ඉතින් එවරෙඩි. බොක්කෙන්ම තමයි˜ කියල කිව්වේ ජින්පප්පාය.



අදහස් (0)

‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ දැන් නම්‘

පිවිතුරු යහපාල Tuesday, 19 May 2015 03:44 AM

මේක ලියලා තියෙන්නේ අවමංගල කලාවටද? (බ)

:       0       0

සුමේධ Tuesday, 19 May 2015 05:39 AM

ඇයි මේ අනවශ්‍ය විකාර (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site