ගම්පහ - වේයන්ගොඩදී පැවැති ජාතික සාහිත්‍ය හා කලා ප‍්‍රසාදිනී උළෙලේදී තමන්ට මහත් අසාධාරණයක් සිදු වූ බව අගනුවර තරුණ කවි සමාජයේ කවි කිවිඳියෝ ප‍්‍රකාශ කරති. මෙම සාහිත්‍ය උළෙලේදී ”කවි මඩුව” පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි ඉරිදා පස්වරු 4.30 සිට 6.30 දක්වා කාලයයි. ඒ බව දන්වා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප‍්‍රවර්ධන) එච්.ඞී.එස්. මල්කාන්ති මහත්මියගේ අත්සනින් යුතුව අගනුවර තරුණ කවි සමාජයේ ප‍්‍රධාන සංවිධායක සේන ගණේවත්ත මහතාට ලිපියක් ද යවා ඇත. නමුත් පසුව අමාත්‍යාංශය මගින් දන්වා ඇත්තේ කවි මඩුව අවලංගු කළ බවයි. ඒ බව දන්වා ඇත්තේ පැය කීපයකට කලිනි. මේ ක‍්‍රියාවට කවීන් දැඩි විරෝධය එල්ල කිරීම නිසා එදිනම පෙරවරු 10ට කවි මඩුව පවත්වන ලෙස සංස්කෘතික අමාත්‍යාංශය මගින් දන්වා තිබේ. ඒ අනුව එම වේලාවට කවි මඩුව පැවැතිණි. දිවයිනේ නන් දෙසින් ප‍්‍රකට කවි කිවිඳියන් 12 දෙනකු සහභාගි වූ නමුත් අසන්නන් සිටියේ දස දෙනෙකි.
2025 දෙසැම්බර් මස 04
733
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘හිස් ඔළු දහස් ගනනක් තියෙනවට වඩා
අමිල කටුනායක Monday, 01 October 2012 01:27 PM
වෙන අයටනම් සද්දේ දානවා , ඇයි මේවට ඔච්චර නිදහස (ස)
සමන් Monday, 01 October 2012 09:02 PM
අපේ අද සමාජයේ මොළ ආයෙත් හදන්න බැහැ (නි)
වසන්ත Monday, 01 October 2012 09:58 PM
නුඹ නාඩන් සරස්වතී... (නි)
ජයී තිසර Monday, 01 October 2012 11:53 PM
හිටිවන කවි කියා හැම දෙන පිනවන්න කරදර විඳ දරා ඉදිරියටම යන්න කවි කිවිඳියන් ගරු කරමින් අගයන්න හද පත්ලෙන්ම නැගි ස්තූතිය මෙන්න... (නි)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 02:42 PM
කවි කලාව රකින්න උත්සාහ කරන කවියන්ට අපගේ ප්‍රණාමය (ස)
හේමන්ත Tuesday, 02 October 2012 02:17 AM
ඓයෝ සල්ලි
කිත්සිරි Tuesday, 02 October 2012 08:32 AM
දුකයි... නව රැල්ලට නේ අද වැඩිදෙනක් කැමති...(නු)