1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් හසලක ගාමිණි රණවිරුවා සැමරීමේ රාජ්‍ය උත්සවය අද (09)කොළඹ හත විද්‍යා මාවතේ පිහිටි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හසලක ගාමිණි රණවිරුවාගේ මෑණියන් වන වයි ජී ජුලියට් මහත්මියට මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.
මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එහි වුහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හසලක ගාමිණි සමරයි
විජයබාහු Monday, 09 March 2015 09:26 AM
අපිට තව හසලක ගාමිණීල ඕනේ වෙයි ඉදිරියට.(නදී)
දුමින්ද Monday, 09 March 2015 09:33 AM
සැබෑ යුද බිමේ විරුවන් -සදා සමරමු බැතියෙන් (නදී)
තිලක් Monday, 09 March 2015 09:43 AM
මේ උතුම් රණ විරුවා සැමරිය යුත්තේ මෙහෙ නොවෙයි. එම උත්තම පූජාව කල ස්ථානයෙයි. මෙහෙ මේ කරන්නේ රජයට නැගෙන චෝදනා වලට සුදු හුණු ගා ගැනීමටයි. (අ)
හෆීල් Monday, 09 March 2015 09:50 AM
මේකනං අගය කළයුතු වැඩක්. එදා මේ වීරයා මේ වැඩේ කළ නිසා තමයි අද අපට රටක් ඉතුරුවෙලා තියන්නේ.(දිල්)
ජනක Monday, 09 March 2015 09:54 AM
මේවා කාගේවත් අවධානයට ලක් නොවෙන දේවල් ජය වේවා ! (දිල්)
කුමාර Monday, 09 March 2015 09:56 AM
ජාතික වීරයාට මගේ ප්‍රණාමය!(දිල්)
සරත් හෙයියන්තුඩුව Monday, 09 March 2015 11:14 AM
අගය කිරීම ඉතාම වටිනවා (අ)
විජයබාහු Monday, 09 March 2015 11:57 AM
තිලක් හරි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අය දැන් කොහොමද එහෙ යන්නේ. එහෙ ගිහින් මෙව්වා කලොත් උෟරන්ට බැන්ද තුවක්කු වලින් වෙඩි කන්න වෙන්නේ. (නදී)
ඡන්න Monday, 09 March 2015 01:50 PM
තිලක් සහ විජයබාහු නන් දොඩවනවා. හොද වැඩක් කොහේ කලත් කමක් නැත. (නදී)
දර්ශා Monday, 09 March 2015 02:28 PM
දේශපාලන වාසි නොගනිව් ! (අ)
අබේ-ටෝකියෝ Monday, 09 March 2015 03:16 PM
හසලක ගාමිණීලා වගේ දහස් ගනනක් රටට ඕනෑ. විරුවණනි ! ඔබට නිවන් සුව.(නදී)
අබේ-ටෝකියෝ Monday, 09 March 2015 03:20 PM
ජනාධිපති ප්‍රේමදාස ජනධිපති මහින්ද හසලක ගාමිණී ගේ ගෙදරටම ගිහින් ගෞරවය දැක්කුවා. (නදී)
අබේ-ටෝකියෝ Monday, 09 March 2015 03:24 PM
ඕනෑම ගොනෙකුට යුධ කරන්න පුළුවන් කියල හසලක ගාමිණී වැනි රණවිරුවෝ බාල්දු කරපු යුගයකුත් තිබුණා.(නදී)
සොපී Monday, 09 March 2015 05:41 PM
සැබෑ විරුවෙක්. අමතකවෙන්නේ නැහැ . (නි)